IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චීනයට එරෙහිව පැමිණිලි කරනවා - තායිවානය

චීනයට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිලි කරන බව තායිවානය ප්‍රකාශ කරයි. තායිවානයෙන් ආනයනය කරන ලද අනෝදා (ෂුගර් ඇපල්) සහ පිනි ජම්බු (වැක්ස් ඇපල්) යන පළතුරුවල කෘමීන් සිටි බවට චෝදනා කරමින් චීනය තායිවානයෙන් ගෙන්වන එම පළතුරු ආනයනය නවතා දැමීමට පියවර ගෙන තිබේ.

චීනය එම පියවර ගැනීමත් සමඟ චීනයට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිලි කරන බව තායිවානය ප්‍රකාශ කර ඇත. තායිවානය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටක් ලෙස පිළිගැනෙන අතර තායිවානය තමන්ට අයත් යැයි චීනය ප්‍රකාශ කරයි. කෙසේ නමුත් තමන් ස්වාධීන රටක් යැයි තායිවානය නිරන්තරයෙන් අවධාරණය කරයි. දශක ගණනාවකට පසු තායිවානය සහ චීනය අතර පවතින සම්බන්ධතා සහ ඔවුන් අතර පවතින මතභේද මේ වනවිට උග්‍ර සහ නරක තත්ත්වයකට හැරී තිබේ.

තායිවානය තමන් යටතට ගැනීම සඳහා චීනය ඔවුන්ට දේශපාලනිකව සහ යුදමය වශයෙන් බලපෑම් කරමින් සිටියි.
අනෝදා (ෂුගර් ඇපල්) සහ පිනි ජම්බු (වැක්ස් ඇපල්) යන පළතුරුවල පිටිමකුණන් සිටි බවට චෝදනා කරමින් තායිවානයෙන් එම පළතුරු වර්ග ගෙන ඒමට මෙලෙස චීනය පියවර ගෙන තිබේ. අනෝදා (ෂුගර් ඇපල්), ස්විට්සොප්ස් සහ කස්ටර්ඩ් ඇපල්ස් යන නම්වලින් ද හැඳින්වේ. චීනය ගුවන්ඩොන්ග් හි පිහිටි සිය රේගු කාර්යාලයට මෙම පළතුරු නිදහස් කිරීම නවත්වන්නැයි ද මේ වනවිට නියෝග කර තිබේ.

මෙලෙස තායිවානයෙන් අනෝදා සහ පිනි ජම්බු ආනයනය තහනම් කිරීමට පියවර ගත්තේ පසුගිය 19 වැනිදා ය‍. පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් නොකරමින් චීනය ඒකමතික තීරණයක් ගැනීම සම්බන්ධයෙන් තායිවානය සිය දැඩි විරෝධය පළ කර තිබේ.

“චීනය කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් ඉදිරිපත් නැහැ. ඒ වගේම කිසිදු පැහැදිලි කිරීමක් නොකර තනි තීරණයක් අරගෙන. එය පිළිගන්න බැහැ” යැයි තායිවානයේ කෘෂිකර්ම කවුන්සිලයේ අමාත්‍ය චෙන් චි-චන්ග් පැවැසීය.

තායිවානය සහ චීනය අතර දැනට තිබෙන ද්විපාර්ශවීය රාමුව යටතේ කටයුතු කිරීමට කැමැත්ත පළ කරමින් චීනය සැප්තැම්බර් 30 වැනිදාට පෙර ප්‍රතිචාර නොදැක්වුවහොත් චීනයට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිලි කරන බව තායිවානය ප්‍රකාශ කර ඇත.

මෙම සිදුවීමත් සමඟ තායිවානි විදේශ අමාත්‍ය ජෝශප් වූ ද අදහස් දක්වා ඇත. චීනය වෙළෙඳම යුද ආයුධයක් බවට පත් කරගනිමින් සිටින බව හෙතෙම පැවැසීය. එමෙන්ම චීනය අන්තර්-ශාන්තිකර සහයෝගීතාව සඳහා වන විස්තීර්ණ සහ සහ ප්‍රගතිශීලි ගිවිසුමට ඇතුළත් වීමට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ද හෙතෙම අදහස් දැක්වීය. නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වෙළෙඳ හවුල ඇති කරගෙන ති‌බේ. මෙම වෙළෙඳ හවුල සහ ගිවිසුම සී.පී.ටී.පී.පී. යනුවෙන් හැඳින්වේ.

“චීනයට, ඉහළ තත්ත්ව සහ ප්‍රමිති තිබෙන සී.පී.ටී.පී.පී. ගිවිසුමට ඇතුළත් වෙන්න ඕනේ ? මේක විහිළුවක් ද ?” හෙතෙම පැවැසීය. අනෝදා සහ පිනිජම්බු යන තායිවානයට ඉතා සුවිශේෂී පළතුරු වේ. තායිවානයට එරට අඹ පළතුරට ඉතා ප්‍රසිද්ධ ය.හානිකර කෘමීන් සිටින බව ප්‍රකාශ කරමින් චීනය ඉකුත් පෙබරවාරි මාසයේ දී තායිවානයෙන් අන්නාසි ආනයනය කිරීම ද තහනම් කළේ ය. චීනය ප්‍රකාශ කරන අන්දමේ කිසිදු ගැටලුවක් අන්නාසිවල නොමැති බවත් වෙළෙඳ කටයුතු මධ්‍යයේ ද චීනය දේශපාලනය කරමින් සිටින බව තායිවානය චෝදනා කළේය.

(රොයිටර්)

 



අදහස් (1)

චීනයට එරෙහිව පැමිණිලි කරනවා - තායිවානය

Malika Tuesday, 21 September 2021 06:05 PM

තායිවානයට පුළුවන් නම් පිටිමකුණන් බෝකරයි ඔය චීන්නු... ඒ තරමට නරක අය...

:       5       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site