ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන විපක්ෂයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව මහජනතාවගේ මුදල් මංකොල්ල කමින් සිටින බව විපක්ෂය චෝදනා කරයි.
ඉන්ධන මිල පාකිස්තාන ඉතිහාසයේ වැඩිම අගයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද පාකිස්තාන රුපියල ද වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙමින් ඇතැයි පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිලාවල් භූතෝ සර්දාරී ඉකුත් දා පැවැසීය.
‘පෙට්‍රල් මිල ඉහළ දමමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කනවා. පෙට්‍රල් මිලත් ඩොලර අගයත් වාර්තාගත ලෙස ඉහළ ගිහින්. මිනිස්සුන්ට කිසි දෙයක් මිලදී ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා” යැයි බිලාවල් භූතෝ සර්දාරී කීය.
“පෙට්‍රල් මිල වැඩි කිරීමෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදනවල මිල වැඩිවෙලා. මේකෙන් මිනිස්සුන්ගෙන් රුපියල් බිලියන ගණනක් එකතු කරලා. මේ සල්ලි කොල්ලකෑමක්. ඒ වගේම මහජන මුදල් නාස්තියක්. මේකෙන් පෙනේනෙන් මේ ආණ්ඩුවේ නොහැකියාව” යැයි ද හෙතෙම කීවේය.
පාකිස්තානයේ තවත් විපක්ෂ පක්ෂයක් වන පාකිස්තාන් මුස්ලිම් ලීග්- නවාස් (පී.එම්.එල්. - එන්) පක්ෂය ආණ්ඩුව විවේචය කර ඇත.
“මිනිස්සුන්ට පිටි, සීනි ගන්නත් සල්ලි නැහැ. ඔවුන් ජීවත් වෙන්න විදියක් නැහැ. හැබැයි ඉම්රාන් ඛාන් මිනිස්සුන්ට කතාකරන්නේ අශ්වයෝ ගන්න බයිසිකල් ගන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් ඇත්තෙම නැහැ” යැයි පී.එම්.එල්. - එන් පක්ෂයේ තොරතුරු සම්බන්ධ ලේකම් මාරියම් අවුරන්ග්සෙබ් පැවැසුවා ය.
පෙට්‍රල් මිල වැඩි කිරීමෙන් පසු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනතාවට බොරු කියමන් ඔවුන් රවටමින් සිටින බව ද ඇය කීවා ය.
නව මිල වැඩි කිරීමත් සමඟ පාකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 123.30ක් වන අතර ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 120.04ක් වේ.
පාකිස්තාන පුවත් සේවාවලට අනුව පාකිස්තාන රුපියල් පහකින් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත.
(ඒ.එන්.අයි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd