එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ‘කොවැක්ස්’ අරමුදලටත් අසල්වැසි රටවලටත් ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කරන බව ඉන්දීය ප්‍රකාශ කරයි.
ඉන්දියාව යනු ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වේ.
කෙසේ නමුත් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉතා වේගයෙන් ඉහළ යෑමත් රට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අවශ්‍යතාවයත් නිසා ඉන්දියාව ඉකුත් අප්‍රේල් මාසයේ දී එන්නත් අපනයන කිරීම නවතා දැමීය.
එතැන් පටන් මේ දක්වා කාලයේ දී එන්නත් නිෂ්පාදනය දෙගුණ වී ඇති බවත් ලබන මාසය වනවිට එන්නත් නිෂ්පාදනය මිලියන 300ක් දක්වා සිවු ගුණයකින් වැඩි කරන බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එපමණක් නොව අපනයන කෙරෙන්නේ අතිරික්ත නිෂ්පාදනය පමණක් බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
මේ වසරේ අවසන් මාස තුනේ දී එන්නත් නිෂ්පාදනය බිලියනක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දියාවේ බයෝලොජිකල් ඊ යන සමාගම් ද එන්නත් නිෂ්පාදනයට එක්වන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා අපට දෙවැනි මාත්‍රාව දෙන්න බැරුව විශාල අමාරුවක වැටුනා.
එක පාරක් ඔබලාගෙන් එන්නත් ඔර්ඩර් කරලා අපි වැටුනේ ලොකු අමාරුවක, රෑ වැටුන වලේ දවල් වැටෙන්න බැහැ.