එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගිය බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ නිරෝධායනයට යොමු කෙරුණු බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
බ්‍රසීල ජනාධිපතිවරයා නිරෝධායනයට යොමු කෙරුණේ ඔහු සමඟ නිව්යෝක් බලා ගිය බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාසෙලෝ ක්වෙයිරෝගා 'කොවිඩ් 19' අසාදිතයකු බව තහවුරු වීමෙන් පසුවය.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පළමු දේශනය පැවැත්වීම කළේ ද බ්‍රසීල ජනාධිපති බොල්සරානෝය. සෞඛ්‍ය අමාත්‍ය මාසෙලෝ ක්වෙයිරෝගා 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වූයේ දේශනය පැවැත් වූ දින පස්වරුවේය.
ඒ අනුව, බොල්සරානෝ පමණක් නොව, නිව්යෝක් බලා පැමිණි බ්‍රසීල රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සිදුවිය. බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ, 'කොවිඩ් 19' එන්නත් ගැන විශ්වාස නොකරයි. ඔහු එන්නත් ලබා ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන අයෙකි. මීට පෙර බොල්සරානෝ ට 'කොවිඩ් 19' ආසාදනය වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd