එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගිය බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ නිරෝධායනයට යොමු කෙරුණු බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
බ්‍රසීල ජනාධිපතිවරයා නිරෝධායනයට යොමු කෙරුණේ ඔහු සමඟ නිව්යෝක් බලා ගිය බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාසෙලෝ ක්වෙයිරෝගා 'කොවිඩ් 19' අසාදිතයකු බව තහවුරු වීමෙන් පසුවය.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පළමු දේශනය පැවැත්වීම කළේ ද බ්‍රසීල ජනාධිපති බොල්සරානෝය. සෞඛ්‍ය අමාත්‍ය මාසෙලෝ ක්වෙයිරෝගා 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වූයේ දේශනය පැවැත් වූ දින පස්වරුවේය.
ඒ අනුව, බොල්සරානෝ පමණක් නොව, නිව්යෝක් බලා පැමිණි බ්‍රසීල රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සිදුවිය. බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ, 'කොවිඩ් 19' එන්නත් ගැන විශ්වාස නොකරයි. ඔහු එන්නත් ලබා ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන අයෙකි. මීට පෙර බොල්සරානෝ ට 'කොවිඩ් 19' ආසාදනය වී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල ජනපති බොල්සරානෝ නිරෝධායනයේ