IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජලල්ලාබාද් නගරයට අයි.එස්.කේ. ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර ඊයේ (19) බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවිය. එම පිපිරීම්වලින් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 30 දෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කළේය.

බෝම්බ ඇටවූයේ තමන් යැයි එම ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය නිවේදනයක් නිකුත් කර තිබේ. 'අයි.එස්.කේ.' යනු ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට අභියෝග කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත් ත්‍රස්ත කල්ලියයි. අයි.එස්.කේ. ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වී ඇත්තේ ජලල්ලාබාද් වැසියන් සහ තලේබාන් සටන්කාමීන් යැයි ද පැවැසෙයි.

'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය, ඇෆ්ගනිස්තානයේ 'කොරසාන්' පළාතෙන් බිහිවුණු සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් නිල වශයෙන් හැඳින්වෙන්නේ 'ඉස්ලාමික් ස්ටේට් කොරසාන් ප්‍රොවින්ස්' යන නමිනි.

මොවුන් ඇෆ්ගනිස්තානයේත් අසල්වැසි පාකිස්තානයේත් ක්‍රියාත්මකය. ඇෆ්ගනිස්තානයේ තල්බාන් සංවිධානයේ අණට කීකරු නොවන බිහිසුණුම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන්නේ මොවුන්ය. මොවුන් ඇෆ්ගනිස්තානයෙන් බිහිවීම ආරම්භ වූයේ 2015 වසරේදීය. ආරම්භයේ දී තලේබාන් ත්‍රස්ත නායකයන් මොවුන්ට නායකත්වය දුන් බව ද පැවැසෙයි. ඒ ඉරාකයේත් සිරියාවේත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත රාජ්‍යය බිහි වෙද්දීය.

ප්‍රධාන 'අයි.එස්.අයි.එස්.' ත්‍රස්ත සංවිධානය අඩපණ වුවත්, 'අයි.එස්.කේ.' ත්‍රස්ත වැනි බිහිසුණු ත්‍රස්ත කල්ලි තවමත් හොල්මන් කරයි. ඔවුන් ලෝක සාමයට තර්ජනයකි. අද වනවිට 'අයි.එස්.කේ.' වැනි ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලි ලොව රටවල් රැසක ක්‍රියාත්මක වන බව විදෙස් බුද්ධි අංශ පෙන්වා දෙයි.

ප්‍රධාන තලේබාන් සංවිධානයේ මතයට ගරු නොකරන තලේබාන් සාමාජිකයන් බොහෝ දෙනකු මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සාමාජිකයන් බොහෝ දෙනෙක් 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය සමඟ එක් වී සිටිති.

බාලිකා පාසල්, රෝහල් ඉලක්ක කර ගනිමින් පහර දීම් කරන්නේ මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලියයි. මීට වසර කීපයකට පෙර, ඇෆ්ගනිස්තානයේ විදෙස් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මාතෘ රෝහලකට කඩා වැදී ගැබිනි මවුවරුන් වෙඩි තබා ඝාතනය කළේ ද මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලි සාමාජිකයන්ය.

(රොයිටර්)



අදහස් (0)

ජලල්ලාබාද් නගරයට අයි.එස්.කේ. ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site