
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීය. බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකට සහභාගී වී සැසිය ඇමැතූ පළමු අවස්ථාව මෙයයි.
ලෝකය දරුණු ලෙස බෙදීමකට ලක් වී ඇති බවත්, එම බෙදීම නැති කිරීමට සෑම කෙනකුම එකමුතුව කටයුතු කළ යුතු බවත් ලෝකයේ පැවැත්ම තීරණය වන්නේ ඒ අනුව බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සිය දේශනය හරහා පෙන්වා දුන්නේය.
'කොවිඩ් 19' වසංගතය හමුවේ මුහුණ දීමට සිදුවුණු අර්බුද සම්බන්ධයෙන් පමණක් නොව ලොවට වින කරන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද බයිඩන් කරුණු දැක්වීය.
ප්‍රජාතන්ත්‍රවාදය හරහා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා රාජ්‍යයන් එකිනෙකා අතරේ පවතින අර්බුද විසඳා ගැනීම කළ යුතු බවත්, ඇමෙරිකන් ජනාධිපති ලෙස තමන් එය ආදර්ශයකින් ඔප්පු කර පෙන්වන බවත් බයිඩන් සිය දේශනයේ දී පැහැදිලි කළේය.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් ගත් තීරණය සාධාරණීකරණය කිරීමට ද ජනාධිපති බයිඩන් අමතක නොකළේය. ඇමෙරිකාව වසර 20 කට පසු කිසිම රටක් සමඟ යුද්ධකට පැටලී නැති බවත්, ඉදිරියේ දී ද එසේ යුද්ධයකට පැටලීමේ අදහසක් නොමැති බවත්, රටවල් සමඟ පවතින 'නිරවි යුද්ධ' සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කඩිනමින් බලාපොරොත්තු වන බවත් බයිඩන් පැවැසීය.
චීනය, ඉරානය සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගැනීමෙන් වැලකී සාමකාමීව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි විසඳුමක් දීමට අවධානය යොමු කරන බවත් බයිඩන් පැවැසීය.
මේ වනවිට ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාව හවුල් කර ගනිමින් නව ආරක්ෂක සහයෝගීතා එකඟතාවක් ඇති කර ගෙන තිබේ. එම එකඟතාවට අනුව, ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට ද ඇමෙරිකාව සූදානම් වෙයි.
මෙම එකඟතාව සම්බන්ධයෙන් ප්‍රංශය විරෝධය පළ කර ඇත. ඒ, ප්‍රංශය 2016 දී ඕස්ට්‍රේලියාව සමඟ සබ්මැරීන නිපදවීමේ ගිවිසුමකට අත්සන් කළ බැවිනි. එම ගිවිසුමෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියාව මේ වනවිට තීරණය කර තිබේ. මෙම සහයෝගීතා එකඟතාව සම්බන්ධයෙන් හටගත් අර්බුදය පිළිබඳව ද බයිඩන් මහ සමුළුව අමතමින් කරුණු දැක්වීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන් මහා මණ්ඩල සැසිය අමතයි