
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (20) පැවැත්වුණු අතර, මේ වනවිට ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සියල්ල අවසන් වී තිබේ.
කැනඩා මාධ්‍ය වාර්තා කරන අන්දමට, අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ට, විපක්ෂ නායකයා මෙන්ම 'කොන්සවර්ටිව්' පක්ෂ නායකයා ද වන එරින් ඕ ටූල්ගෙන් අභියෝගයක් එල්ල වී තිබේ. ඒ අනුව, දෙදෙනා අතරේ තියුණු කරටකර සටනක් පැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.
කැනඩා පාර්ලිමේන්තු ආසන 338 කින් සමන්විත වන අතර බහුතරය සඳහා ආසන 170 ක් දිනා ගැනීම කළ යුතුය. අග්‍රාමාත්‍ය ටෲඩෝ නායකත්වය දෙන්නේ 'ලිබරල්' පක්ෂයටය. ටෲඩෝ ට අභියෝග කිරීමට සමත් වී සිටින එරින් ඕ ටූල් නායකත්වය දෙන්නේ 'කොන්සවර්ටිව්' පක්ෂයටය.
ඊට අමතරව, මෙවර මැතිවරණයට 'ක්විබෙකුවා' පක්ෂයට නායකත්වය දෙමින් ෆ්‍රොන්සුවා බ්ලැන්චේ, 'නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' නියෝජනය කරමින් ඉන්දීය සම්භවයක් ඇති ජමීත් සිං සහ 'හරිත' පක්ෂය නියෝජනය කරමින් ඇනෙමි පෝල් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති.
හදිසි මැතිවරණයකට යෑමට අග්‍රාමාත්‍ය ටෲඩෝ තීරණය කළේ පසුගිය අගෝස්තු මාසයේය. ඒ අනුව, අගෝස්තු 15 වැනිදා කැනඩා ආණ්ඩුකාරවරයා මැතිවරණය සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වෙන බව පැවැසීය. මෙවර පැවැත් වූයේ කැනඩාවේ 44 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි.
කැනඩා මැතිවරණ කොමිසමට අනුව, මිලියන 27 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ජනතාව ඡන්ද මධ්‍යස්ථාවවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළේ විශේෂ මාර්ගෝපදේශ අනුවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්
Sriland Tuesday, 21 September 2021 08:00 PM
මාස්ක් අයින් කරලා තිබියදීත්, ආසියාවේ කෙනෙක් මාස්ක් එක දාගෙන කොරෝනා ප්‍රවර්ධනය කරනවා.