'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, දින 130 ක් රෝහල්ගතව සිටි ඉන්දියානුවකු ගැන ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. විශ්වාස් සයිනී නමැති මෙම පුද්ගලයා 'කොවිඩ් 19' ආසාදිතයකු ලෙස රෝහල්ගත වී ඇත්තේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. විශ්වාස් සයිනී
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මීරූත් නුවර වැසියකු වන අතර, මොහු ඇතුළත් කර තිබෙන්නේ නුටේමා රෝහලටය.
'විශ්වාස් සයිනී කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඔහු සතියක් පමණ නිවසේ නිරෝධායනයට ලක් වී සිටියා. ඔහු රෝහලට ඇතුළත් කෙරුණේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසයි. ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා. ඔක්සිජන් මට්ටම 16 දක්වා පහළ ගියා. අප ඔහු මාසයක් තිස්සේ වෙන්ටිලේටරයකට සම්බන්ධ කළා. ඒත් ඔහු වයිරසයට එරෙහිව සටන් කළා. කෙසේ හෝ සුවය ලැබුවා. ඒ සියල්ල සිදුවුණේ ඔහුගේ ධෛර්යය නිසයි. ජීවත්වීමට ඇති ආසාව නිසයි' යැයි නුටේමා රෝහලේ වෛද්‍ය අව්නීත් රානා මාධ්‍ය හමුවේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd