බාලිකා අධ්‍යාපනයට අවසර දෙන නමුත්, ෂරියා නීතියට අනුව, බාලිකාවන් හිජාබයෙන් සැරසී අධ්‍යාපනය ලැබිය යුතු බවත්, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ද සැමවිටම හිජාබයෙන් සැරසී සිටිය යුතු බවත් තලේබාන්වරැන් නියෝග කර ඇත.
ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගනිමින් නව රජයක් පිහිටුවූ තලේබාන්වරුන් නිකුත් කළ මෙම නියෝගයට විරෝධය පළ කරමින්, ලොව පුරා වෙසෙන ඇෆ්ගන් කාන්තාවන් විවිධාකාරයේ වර්ණවත් සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සමාජ සමාධය ඔස්සේ පෙනී සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇෆ්ගන් කාන්තාවන් පවසන්නේ තම ඇඳුම් පැලඳුම් තීරණය කිරීමට තලේබාන්වරුන්ට කිසිදු අයිතියක් නොමැති බවය. විදේශවල ඇෆ්ගන් කාන්තාවන් මෙසේ විරෝධය පළ කළත්, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට තලේබාන්වරුන්ගේ නියෝග පිළිපැඳීමට සිදුවී තිබේ.
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් සිසුන්ගෙන් වෙන් කර තැබීමට ද තලේබාන් සංවිධානය උපදෙස් දී ඇත. සිසුන් සහ සිසුවියන් වෙන් කර ඇත්තේ පංති කාමරවල තිර රෙදිවලිනි.
දේශනශාලාවට පැමිණෙද්දී, හිජාබයෙන් සැරැසී මුළු සිරුරම ආවරණය කර ගැනීම පමණක් නොව, තලේබාන්වරුන්ගේ ධජ අතැතිව සිටීම ද අනිවාර්ණ කර තිබේ. රාජ්‍ය සේවිකාවන් ද හිජාබයෙන් සැරසී සේවයට වාර්තා කළ යුතු බව තලේබාන්වරුන් පවසා ඇත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තලේබාන්වරුන්ට එරෙහි විලාසිතා විරෝධයක්
කිරි පුතා Saturday, 18 September 2021 10:13 AM
ලෝකයම ඉදිරියට යනකොට මේ මිනිසුන් නැවත ගල් යුගය කරා යමින් සිටී. එවිට සිදුවන්නේ නොගැළපෙන දෙය ලොවෙන් ප්‍රතික්ෂේප වීමය. එම පලවිපාකයට ඔවුන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
ganegoda Saturday, 18 September 2021 02:17 PM
හුඟක් ලස්සන කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ ඉන්නවා කියලා අපි අහලා තියෙනවා.
Lal Saturday, 18 September 2021 07:33 PM
මුස්ලිම් කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතුයි. නවීන ලෝකය සමග එකතුවෙන්න ඔබලා වෙනස් විය යුතුයි. අර්ථශූන්‍ය නූගත් යල් පැන ගිය ගෝත්‍රික අදහස් තරයේ ප්‍රතික්ෂේප කළ යුතුයි. මිලේච්ඡ තලේබාන් මිනීමරුවන්ගේ අදහස් වලට විරුද්ධව සටන් වැදිය යුතුයි.