කුඩා චන්ද්‍රිකා දියත් කිරීමේ වෙළඳපොලේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං මහතා ප්‍රකාශ කර ඇත.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ඕෂනියා රටවලට ද අභ්‍යවකාශ අංශයේ සහයෝගීතාවයට අමාත්‍යවරයා විසින් ආරාධනා කර තිබෙන ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.
ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ඉන්දියා ලීඩ්ස් 2021 සමුළුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ කුඩා චන්ද්‍රිකා දියත් කිරීමේ වෙළඳපොලේ වටිනාකම 2027 වර්ෂය වන විට ඩොලර් බිලියන 38 ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇති බවයි.
චන්ද්‍ර ගවේෂණය, චන්ද්‍රිකා තැනීම, විදේශීය චන්ද්‍රිකා ඉහළට ගෙන ඒම සඳහා ඉන්දියාව ලොව පුරා පිළිගැනීමක් ලබා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
අඟහරු ග්‍රහයා වෙත ළඟාවීමට පවා ඉන්දියාව සමත්වී ඇති අතර වසර ගණනාවක් නොකඩවා මංගල්යානය (අඟහරු කක්ෂය මෙහෙයුම) එහි පැවති බව ඔහු පැවසීය.
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කුඩා චන්ද්‍රිකා දියත් කිරීමේ ප්‍රමුඛයා - ඉන්දියාව