කිසිම සෙබළකු බලෙන් යුක්රේනයට යවලා නෑ යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින්නේ රුසියන් හමුදාවේ පළපුරුදු, දක්ෂ, විනය ගරුක මෙන්ම වෘත්තීයමය සොල්දාදුවන් බවත්, බලහත්කාරයෙන් කිසිම කෙනකු හමුදාවට බඳවා ගෙන යුක්රේනයට යවා නොමැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ. 08 March 2022
යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. 08 March 2022
තෙල් බැරලයක මිල ඩොලර් 300 දක්වා ඉහළට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 300 ක් දක්වා ඉහළ යා හැකි බව රුසියාව අනතුරු ඇඟවීමක් කළේය. 08 March 2022
යුක්රේනයට ඩොලර් මිලියන 723 ක් යුක්රේනය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 723 ක මූල්‍ය පැකේජයක් අනුමත කිරීමට ලෝක බැංකුව පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 08 March 2022
යුක්රේන වැසියන් ගැන පාප්තුමා දුකෙන් රුසියානු ප්‍රහාර හමුවේ පීඩාවට ලක්වුණු අහිංසක යුක්රේන වැසියන්ගේ රුධිරයෙන් සහ කඳුළුවලින් යුක්රේනය තෙත් වී ඇතැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවසයි. 07 March 2022
ෆින්ලන්තයත් නේටෝවට එක්වන්න සැරැසෙයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඊට විරෝධය දක්වමින් යුරෝපා රාජ්‍යය ෆින්ලන්තය ද ’නේටෝ’ සංවිධානය සමඟ එක් වීමට සූදානමින් සිටින බව බටහිර මාධ්‍ය වාර්තා කරයි. 07 March 2022
යුක්රේන ජනපති ඇමෙරිකන් ජනපති අමතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 07 March 2022
සාමකතා තෙවැනි වටයට සූදානම් යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (7) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 06 March 2022
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. 06 March 2022
යුක්රේන ජනපතිගේ ඉල්ලීමට ’නේටෝ’ බෑ කියයි යුක්රේනයේ නගරවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර නැවැත්වීමේ අරමුණින්, යුක්රේනයට ඉහළ අහස රුසියාවට තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි නමුත්, නේටෝ නායකයෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. 06 March 2022
යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි. 06 March 2022
සටන් විරාමය කඩලා යුක්රේනයේ මරියුපෝල් සහ වෙල්නොවාකා නගර වැසියන්ට එම නගරවලින් ආරක්ෂිතව පිටවී යෑමට ඇරැඹූ සටන් විරාමය, යුක්රේනයේ ’ජාතිකවාදීන්’ විසින් උල්ලංඝනය කරනු ලැබුවේ යැයි රුසියාව චෝදනා කරයි. 05 March 2022
යුක්රේන නගර දෙකක සටන් විරාම යුක්රේනයේ මරිපෝල් සහ වොල්නෝවාකා යන නගරවල සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියන් හමුදාව එකග වී ඇත. 05 March 2022
න්‍යෂ්ටික බලාගාර අසලට පහර දෙන්න එපා යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීමෙන් වළකින්නැයි ’ජී7’ රාජ්‍ය නායකයන් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ. 05 March 2022
කීව් සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රුසියන් හමුදා කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද්‍යාන බලධාරීහු සහ සේවකයෝ කටයුතු කළහ. 04 March 2022
මා හපා කන්නේ නෑ: කතාබහ කරමු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා, අර්බුදය විසඳා ගැනීමට තමන් සූදානම් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 04 March 2022
පාකිස්තානයේ බෝම්බයක් පිපිරී 30 ක් මරුට නිරිතදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් බැතිමතුන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 80 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 04 March 2022
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගත්තේය. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි. 04 March 2022
දෙවැනි වටයේ සාමකතා අවසන් රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා බෙලරූස් රාජ්‍යයේ බ්‍රෙස්ට් පළාතේ පැවැත්විණි. 04 March 2022
රොකට්ටු කැබැල්ලක් හඳට වැටෙනවා පාලනයෙන් ගිලිහුණු රොකට් කැබැල්ලක් අද (4) සඳට කඩා වැටීමට නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව කඩා වැටෙනු ඇත්තේ චීනයට අයත් භාවිතයෙන් ඉවත් කළ අභ්‍යවකාශයේ පාවෙමින් තිබුණු රොකට්ටු කැබැල්ලකි. 04 March 2022
යුක්රේනයේ ප්‍රධාන නගරයක් අල්ලා ගනී යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරවලින් එකක් ලෙස කර්සොන් සැලකෙයි. 03 March 2022
රුසියාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගනියි රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත. 03 March 2022
බයිඩන් මෝදි කතාබහක් රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ කොටු වී සිටින ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හදිසි දුරකතන සාකච්ඡාවක් සිදුවිය. 03 March 2022
රුසියන් විපක්ෂයේ සහාය යුක්රේනයට රුසියානුවන් බහුතරයකට යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ සහාය හැමවිටම යුක්රේන රජයටත්, යුක්රේන වැසියන්ට ලැබෙන බවත් රුසියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු පවසති. 03 March 2022
රුසියාවේ බළලුන්ටත් තහංචි රුසියන් හමුදා යුක්රේනයේ සිදුකරන හමුදා මෙහෙයුම් හේතුවෙන් රුසියන් බළලුන්ටත් තහංචි පැනැවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 March 2022
ආරවුල විසදන්න අධිකරණයේ පිහිට පතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, යුක්රේනය සහ රුසියාව අතර ආරවුල විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ඉහළම උසාවිය වන ජාත්‍යන්තර අධිකරණයේ රුසියාවට විරුද්ධව නඩුවක් ගොනු කර ඇත. 02 March 2022
කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න රුසියන් හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ඔන්න මෙන්න යැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරය වට කළ රුසියන් හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිටවී යන ලෙසය. 02 March 2022
කොංග්‍රසය අමතමින් පුටින්ට දෙහි කපයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්රස් මණ්ඩලය ආමන්ත්‍රණය කරමින්, රාජාසන කථාව ඉදිරිපත් කළේය. 02 March 2022
සාමකතාවලට කලින් බෝම්බ ප්‍රහාර නවත්වන්න රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාමකතා පවත්වනවා නම්, යුක්රේනයේ නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රුසියාවට පවසා තිබේ. 02 March 2022
යුක්රේන ජනපති යුරෝපා සංගමය හඬවයි රුසියන් ප්‍රහාර දිගින් දිගටම එල්ල වෙද්දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, කියෙව් අගනුවර සිට සජීවීව, යුරෝපා සංගමය ඇමැතුවේය. ඒ, වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වෙමිනි. 02 March 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026