ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය ඊයේ (10) පැවැත්වුණු අතර අපේක්ෂකයන් 12 දෙනකු ඊට ඉදිරිපත් විය.
ඔවුන් අතරින් වැඩිම ඡන්ද ප්‍රතිශත දිනා ගනිමින් ඉදිරියට පැමිණිමට වත්මන් ජනාධිපති මධ්‍යස්ථමතධාරී ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික මතධාරී මැරීන් ලා පෙන් සමත් වූහ.
ඒ අනුව, ලබන 24 වැනිදා ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන්නේ මැක්රොන් සහ ලා පෙන් අතරේය.
මැක්රොන් සියයට 29.5 ක ඡන්ද ප්‍රතිශතයක් ද ලා පෙන් සියයට 24.4 ක ඡන්ද ප්‍රතිශතයක් ද දිනා ගැනීමට සමත් විය.
තෙවැනි ප්‍රබල අපේක්ෂකයා බවට පත්වූයේ අන්ත වාමාංශික අපේක්ෂක ජෝන් ලූක් මෙලෙන්කොන්ය. ඒ, සියයට 20 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මැක්රොන් ට යළිත් ජනවරමක් හිමිවනු ඇති බවය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැක්රොන්-ලා පෙන් ඉදිරියෙන්