ප්‍රංශ ජනාධිපතිවරණය හෙට (10) ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදියර දෙකකිනි. දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 12 දෙනකු ඉදිරිපත් වී සිටින අතර වත්මන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තවත් පස් වසරක ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රංශ ජනාධිපති නියෝජනය කරන්නේ මධ්‍යස්ථමතධාරී ‘රිපබ්ලිකන් පක්ෂය’ යි.
ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා ද ඇත්තේ, 2017 වසරේ මෙන්ම, මෙම ජනාධිපතිවරණයෙන් ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ජයග්‍රහණය කරනු ඇති බවය.
මැක්රොන්ට අභියෝගයක් එල්ල වනු ඇත්තේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ලා පෙන්, ගෙනි. මැරීන් ලා පෙන් නායකත්වය දෙන්නේ ‘ජාතික පෙරමුණ’ පක්ෂයටය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයෝ දක්ෂිණාංශික, අන්ත දක්ෂිණාංශික පක්ෂ, වාමාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නියෝජනය කරති.
‘කොවිඩ් 19’ වසංගතය හමුවේ ප්‍රංශය ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. වසංගතය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කිරීම, සෞඛ්‍ය නීති පැනැවීම සහ එන්නත් අනිවාර්ය කිරීම ආදිය හේතුවෙන් ජනාධිපති මැක්රොන් අප්‍රසාදයට පත් වී සිටියත්, යුක්රේන රුසියානු අර්බුදයට මැදිහත් වී, සාමකාමී විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා බැවින් මැක්රොන්ගේ ජනප්‍රියත්වය යම්තාක් දුරකට ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය හෙට