
කසක්ස්තානයේ සංචාරයකට ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සූදානම් බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පාප්තුමන් කසක්ස්තානය බලා යනු ඇත්තේ කසක්සාත ජනාධිපති කසියුම් ජොර්මාත් ටොක්යේව් කළ ආරාධනාවකට අනුව යැයි වතිකානය පැහැදිලි කර තිබේ. කසක්සාත ජනාධිපති කසියුම් ජොර්මාත් ටොක්යේව් සහ පාප්තුමන් අතර හමුවක් පවත්වා ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
පාප්තුමන්ගේ කසක්තාන සංචාරය සැප්තැම්බර් 14 සහ 15 දෙදින සිදුවනු ඇති බව වතිකානය වැඩි දුරටත් පවසා තිබේ. කසක්ස්තානය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රාජ්‍යයක් වන අතර, පිහිටා ඇත්තේ රුසියාව අසලය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd