යුක්රේනයට ඩොලර් බිලියන 13.6 ක් රුසියන් ආක්‍රමණය හේතුවෙන් අසරණ වුණු යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 13.6 ක් ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් පියවර ගෙන ඇත. 16 March 2022
රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට යුක්රේනයට එරෙහිව ගනු ලැබූ හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට පත් වී ඇති බවත්, ජපානය රුසියාවට තවත් සම්බාධක පැනැවීමක් සිදු කර ඇති බවත් බටහිර මාධ්‍ය පවසයි. 16 March 2022
යුක්රේන ජනාධිපති කොංග්‍රසය අමතයි ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාව හිමිවිය. සෙලෙන්ස්කී ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය ඇමැතුවේ කැනඩා පාර්ලිමේන්තුව ඇමැතීමෙන් අනතුරුවය. 16 March 2022
පුටින් සමඟ ෆේස් ටු ෆේස් සටනක් යුක්රේනයේ නිදහස වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ද්වන්ධ සටනකට තමන් සූදානම් යැයි ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 15 March 2022
සිවුවැනි වටයේ සාකච්චා අවසන් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සිවුවැනි වටයේ සාකච්ඡා ඊයේ (14) රුසියන් සහ යුක්රේන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු නමුත් එය ද අසාර්ථක විය. 15 March 2022
ඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක් ! රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය. 15 March 2022
චීනයෙන් තර්ජනයක් තායිවානයට යුදමය වශයෙන් සහය දෙන ඕනෑම රටකට ‘දරුණු ප්‍රතිවිපාක‘ අත් විඳීමට සිදුවනු ඇතැයි චීනය අනතුරු අඟවයි. 14 March 2022
ඇමෙරිකන් මාධ්‍යවේදියා මරුට කිව් නගරය ආසන්නයේදී රුසියානු හමුදා විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කර ඇතැයි යුක්රේන පොලිසිය පවසයි. 14 March 2022
සෝනියා-රාහුල්-ප්‍රියංකාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වෙයි ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලට ඊට ඒකමතිකව විරෝධය පළ කළේය. 14 March 2022
සෙලෙන්ස්කී හමුවන්න පුටින් කැමැත්තෙන් රුසියාවත් යුක්රේනයත් අතර යුද ගැටුම් අතරතුරේ දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර දිගින් දිගටම අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, එම සාකච්ඡා සඳහා සහභාගී වන නියෝජිතයන් පවසා ඇත්තේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පමණක් නොව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එකිනෙකා හමුවීමට කැමැත්ත පළ කරන බවය. 14 March 2022
පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ දුම්රියක් යුක්රේනයේ රෝහල්වල ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය දුම්රිය සේවයක් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය දරුවන් 60 දෙනකු යුක්රේන දේශසීමාවේ සිට පෝලන්තයට මෙම දුම්රියෙන් ගමන් කර ඇතැයි පැවැසෙයි. 13 March 2022
යුක්රේන හමුදාවේ 1,300 ක් මියගිහින් රුසියන් හමුදා සමඟ සටනට ගිය යුක්රේන සොල්දාදුවන් 1,300 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 13 March 2022
සෝනියා-රාහුල්-ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරැසෙති ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 13 March 2022
රසායනික අවි භාවිතා කළොත් බලාගෙනයි ! යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කරයි. 12 March 2022
වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ. 12 March 2022
කඩා වැටුණු හඳුනා නොගත් වස්තුව ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට හඳුනා නොගත් වස්තුවක් කඩා වැටී තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද දින පෙරවරු 3.30 මෙම හඳුනා නොගත් වස්තුව සැග්‍රෙබ් නුවරට කඩා වැටී තිබේ. 11 March 2022
අයි.එස් ත්‍රස්ත සංවිධානයට නව නායකයෙක් අබු අල් හසාන් අල් හෂීමි අල් කුරේෂී තම නව නායකයා (කලීෆා) ලෙස කටයුතු කරන බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. 11 March 2022
විදෙස් ඇමැති හමුව අසාර්ථකයි යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අතර හමුවක් තුර්කිය මැදිහත් වීමෙන් තුර්කියේ අන්ටල්යා නුවරදී පැවැත්විණි. 11 March 2022
රුසියන් යුක්රේන විදෙස් ඇමැති හමුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා අතර සාකච්ඡා තුර්කියේ ඇන්ටල්යා නුවර මේ වන විට ආරම්භ වී ඇත. 10 March 2022
ප්‍රහාරවලින් යුක්රේන දරුවන් 37 ක් මියගිහින් රුසියන් හමුදා සිදු කරන ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 March 2022
ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක බලය මෝදිට ඉන්දීයාවේ උත්තර ප්‍රදේශ්, උත්තරකාන්ද්, මනිපූර්, ගෝව සහ පන්ජාබ් ප්‍රාන්තවල මැතිවරණ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (10) සිදුවිය. 10 March 2022
දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක් දකුණු කොරියානු ජනාධිපතිවරණය පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කළේය. 10 March 2022
ඌරු හදවත් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 10 March 2022
දකුණු කොරියානු ජනාධිපතිවරණය ඇරැඹේ දකුණු කොරියානු ජනාධිපතිවරණය හෙට (10) ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ වත්මන් ජනාධිපති මූන් ජේ ඉන්ගේ ධුර කාලය අවසන් වන බැවිනි. දකුණු කොරියානු ව්‍යවස්ථාවට අනුව, මූන් ජේ ඉන් ට යළිත් වරක් ජනාධිපති ධුරය සඳහා තරග කළ නොහැක. 09 March 2022
ජීව අවි පර්යේෂණාගාර රුසියන් හමුදාවට යුක්රේනයේ තිබෙන ජීව අවි පර්යේෂණාගාර රුසියානු හමුදාව අතට පත්වේවි යැයි බියක් පවතින බව දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් පවසයි. 09 March 2022
සිවිල් වැසියන්ට බෝම්බ ප්‍රහාරයක් යුක්රේනයේ සටන් විරාමයක් නොවූ සටන් විරාමය තුළ රුසියානු බෝම්බ ප්‍රහාරය කට හසු වී මියගිය කාන්තාවක් සහ ඇයගේ දරු දෙදෙනා පිළිබඳ විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල කතා බහක් නිර්මාණය වෙමින් පවතී. 09 March 2022
රුසියන් හමුදා පසුබසිනවා - ඇමෙරිකන් බුද්ධි අංශ යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ රුසියන් හමුදාව දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි. 09 March 2022
රුසියන් තෙල් ආනයනය නවත්වයි රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය කළේ රුසියාව යුක්රේනය එරෙහි ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි. 09 March 2022
ආරක්ෂිතව නගරවලින් පිටවන්න අවසර යුද ගැටුම් හමුවේ අසරණ වූ යුක්රේන වැසියන්ට ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින් අද (8) උදෑසන සිට සටන් විරාමයක් ආරම්භ විය. සටන් විරාමය ආරම්භ කළේ රුසියාව මැදිහත් වෙමිනි 08 March 2022
තවත් රුසියානු ජනරාල්වරයකු මරුට යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට හැකිවුණු බව යුක්රේන හමුදාව සමත් විය. 08 March 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026