
පාස්කු දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් යුක්රේනයට සාමය ප්‍රාර්ථනා කළේය.
පසුගිය පෙබරවාරියේ සිට රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගනු ලබන හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන්, යුක්රේන සිවිල් වැසියන් මියයෑම, තුවාල ලැබීම සහ දේපොල හානිය පාප්තුමන්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් විය.
යුද්ධය නොව අවශ්‍ය වන්නේ සාමය බව පාප්තුමන් දිගින් දිගටම අවධාරණය කළේය.
රුසියාව, පසුගිය පෙබරවාරි 24 වැනිදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේදී පාප්තුමන් රුසියාවෙන් ඉල්ලා සිටියේ වහා යුද්ධය නවත්වන ලෙසය. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට කන් දුන්නේ නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශුද්ධෝත්තම පාප්තුමා යුක්රේනයට සාමය පතයි