IMG-LOGO

දින 183 කින් ආපසු එති

'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින්, දින 183 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට පැමිණියහ.

එම ගගනගාමීන් තිදෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවක වෙයි. ඔවුන් ෂායි ෂී ගැංග්, යේ ගන්ග් ෆූ සහ වැංග් යැපිංග් ය. චීනය පෘථිවි කක්ෂයේ නිපදවන 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම්වලට සම්බන්ධ වූ පළමු කාන්තාව ලෙස වැංග් යැපිංග් සැලකෙයි.

ගගනගාමීන් රැගත් 'ෂෙංසූ 13' ගගන කැප්සියුලය අද (16) යළි පෘථිවියට පතිත වීම සිදුවිය. කැප්සියුලය මොංගෝලියාවට පතිත වූ අතර චීන අභ්‍යවකාශ ආයතනයේ බලධාරීහු සහ හමුදා නිලධාරීහු එය පැමිණෙන තෙක් බලා සිටියහ.

මොවුන් තිදෙනා මීට මාස 6 කට පෙර පෘථිවි කක්ෂය බලා ගොස් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට අයත් 'ටියැංහේ' නමැති ප්‍රධාන කොටස (මොඩියුලය) උඩු ගුවනට යවා තිබුණු සෙසු කොටස් සමඟ එකලැස් කිරීම සිදු කළේය.

චීන අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇත්තේ මෙම 2022 වසර අවසන් වෙද්දී ඔවුන් 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් සම්පූර්ණ කරන බවය. මෙයා ප්‍රමාණයෙන් කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළකි.

බටහිර රටවල් සමඟ පවතින මත ගැටුම් හේතුවෙන් චීනය, අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවනකාශ නැවැතුම්පොළ භාවිතයට නොගනී.

චීනය ඔවුන්ගේ තාක්ෂණය භාවිතයෙන් ඔවුන්ටම කියා 'ටියැංගොන්' යන නමින් අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරන්නේ ඒ අනුවය. 2029 වසර වෙද්දී චීනය සඳ ගවේෂණයට පමණක් නොව, සඳ මත ජනාවාස පිහිටුවීමට පවා බලාපොරොත්තු වෙයි. එම කටයුතු සඳහා අතරමැදි නැවැතුම්පොළක් ලෙස 'ටියැංගොන්' ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දින 183 කින් ආපසු එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site