
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ජම්නගාර් නුවරට පැමිණියේය. ඒ, ඉන්දියාවේ පාරම්පරික වෙදකම ලෝකයා හමුවට ගෙන යෑමේ අරමුණින්, ඉන්දීය රජය මැදිහත් වී, ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ කර ගනිමින් පැවැත්වූ විශේෂ සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙසය.
සමුළුවට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පිළිගත්තේ ඔහු වැලඳ ගනිමිනි. සමුළුවට සහභාගී වී රැස්ව සිටි පිරිස අමතද්දී ගෙබ්‍රියේසිස්, ගුජරාටි බසින් ද කතා කළේය. එය රැස්ව සිටි පිරිස පමණක් නොව, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ද මවිත කිරීමට හේතුවක් වූ බව පැවැසෙයි.
සමුළුවට සමගාමීව, ජම්නගාර් නුවර ආයුර්වේද පර්යේෂණ ආයතනයක් පිහිටුවීම මුල්ගල තැබීම ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් සිදුවිය. එහිදී පාරම්පරික වෙදකමේ වැදගත්කම පෙන්වා දීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අමතක නොකළේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd