
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ජම්නගාර් නුවරට පැමිණියේය. ඒ, ඉන්දියාවේ පාරම්පරික වෙදකම ලෝකයා හමුවට ගෙන යෑමේ අරමුණින්, ඉන්දීය රජය මැදිහත් වී, ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධ කර ගනිමින් පැවැත්වූ විශේෂ සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙසය.
සමුළුවට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පිළිගත්තේ ඔහු වැලඳ ගනිමිනි. සමුළුවට සහභාගී වී රැස්ව සිටි පිරිස අමතද්දී ගෙබ්‍රියේසිස්, ගුජරාටි බසින් ද කතා කළේය. එය රැස්ව සිටි පිරිස පමණක් නොව, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ද මවිත කිරීමට හේතුවක් වූ බව පැවැසෙයි.
සමුළුවට සමගාමීව, ජම්නගාර් නුවර ආයුර්වේද පර්යේෂණ ආයතනයක් පිහිටුවීම මුල්ගල තැබීම ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් සිදුවිය. එහිදී පාරම්පරික වෙදකමේ වැදගත්කම පෙන්වා දීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අමතක නොකළේය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉන්දියාවේ