IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මරියුපෝල් සොල්දාදුවන්ට යටත් වෙන්න කියයි

යුක්රේනයේ මරියුපෝල් නගරයේ සිටින යුක්රේන සොල්දාදුවන්ට තම ජීවිත බේරා ගැනීමට අවශ්‍ය නම්, වහා අවි බිම දමා යටත් වන්නැයි රුසියන් ආරක්ෂක අමත්‍යංශය පවසා තිබේ.

රුසියන් ආරක්ෂක අමත්‍යාංශය මෙසේ පැවැසුවේ, රුසියානු හමුදා මරියුපෝල් නගරය සහ ඒ අවට පළාත් මුළුමනින්ම වට කිරීමෙන් පසුවය.

මරියුපොල් නගරය, රුසියානු හමුදා සහ යුක්රේන සොල්දාදුවන් අතර දරුණු ගැටුම් පැවැතීම හේතුවෙන්, මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇත. මරියුපෝල් නගරය යටත් කරගත් බව සනාථ කිරීම සඳහා නිවැරදි තොරතුරු නොමැති වුවත්, රුසියානු හමුදාවන්ට මරියුපෝල් නගරය  එසේ යටත් කර ගැනීමට හැකියාව ලැබී ඇත්නම් පෙබරවාරි 24 දිනෙන් ආරම්භ වූ යුක්රේන ආක්‍රමණයේදී යටත් කරගත් විශාලතම නගරය මරියුපෝල් වනබව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මරියුපෝල් නගරයේ ඉතිරිව සිටින යුක්රේන සොල්දාදුවන් සහ විදේශ කුලී හේවායන් අසොව්ස්ටාල් යකඩ කම්හලේ සිර වී සිටින බවත් අවශ්‍යනම්  අවි බිම තබා ඔවුන්ට පිටවී යා හැකි බවත් එසේ යටත් වන සොල්දාදුවන්ගේ ජීවිත වලට කිසිඳු හානියක් සිදු නොවන බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කළේය.

වර්ග කිලෝමීටර 11 ක විශාලත්වයෙන් යුත් යකඩ කම්හල තුළ යුක්රේන සොල්දාදුවන් 2500 ක් සහ විදෙස් කුලී හේවායන් 400 ක් පමණ සිරවී සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

යුක්රේන සොල්දාදුවන් තමන් යටත් නොවන බව ප්‍රකාශ කළ අතර යුක්රේන අග්‍රාමාත්‍ය ඩැන්යෙස් ශෙම්හාල් පවසා ඇත්තේ, රාජතාන්ත්‍රික විසදුමකින් යුද්ධය අවසාන කිරීමට කැමති වුවත් කිසිම දිනක යුක්රේනුවන් යටත් නොවන බවය.

ඔවුන් අවසන් හුස්ම තෙක් සටන් කරාවි ඔහු වැඩි දුරටත් පැවසීය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ යකඩ කම්හලේ සොල්දාදුවන් රුසියානු හමුදා මරා දැමුවහොත් රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා එතැනින් අවසන් වන බවය.

(රොයිටර්)



අදහස් (0)

මරියුපෝල් සොල්දාදුවන්ට යටත් වෙන්න කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site