
යුක්රේනයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට ඇරැයුම් කර තිබේ.
එම ඇරැයුම් සම්බන්ධයෙන් බයිඩන් හෝ මැක්රොන් හෝ තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැත. ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 24 වැනිදා පැවැත්වෙන අතර ප්‍රංශ ජනපති මැක්රොන් ඊට ඉදිරිපත් වෙයි. ඒ අනුව, මේ අවස්ථාවේ ඔහු කාර්යබහුල යැයි පැවැසෙයි.
ඒ අනුව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවර වෙත පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව යුක්රේන ජනාධිපති සෙලෙස්කී පවසා ඇත.
‘මා හිතන්නේ ඇමෙරිකන් ජනාධිපති මාගේ ආරාධනාව පිළිගනීවි. ඔහු කීව් අගනුවරට පැමිණ රුසියාවට එරෙහිව යුක්රේනයට සහාය පළ කරාවි.’ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
රුසියන් යුක්රේන අර්බුදයේ දී ඇමෙරිකාව යුක්රේනයට අවි ආයුධ ලබා දෙමින් මූල්‍ය ආධාර ලබා දෙමින් සහාය පළ කරයි. දිගටම අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd