IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


යුක්රේන සංචාරයකට ඇරැයුම්

යුක්රේනයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට ඇරැයුම් කර තිබේ.

එම ඇරැයුම් සම්බන්ධයෙන් බයිඩන් හෝ මැක්රොන් හෝ තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැත. ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 24 වැනිදා පැවැත්වෙන අතර ප්‍රංශ ජනපති මැක්රොන් ඊට ඉදිරිපත් වෙයි. ඒ අනුව, මේ අවස්ථාවේ ඔහු කාර්යබහුල යැයි පැවැසෙයි.

ඒ අනුව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවර වෙත පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව යුක්රේන ජනාධිපති සෙලෙස්කී පවසා ඇත.

‘මා හිතන්නේ ඇමෙරිකන් ජනාධිපති මාගේ ආරාධනාව පිළිගනීවි. ඔහු කීව් අගනුවරට පැමිණ රුසියාවට එරෙහිව යුක්රේනයට සහාය පළ කරාවි.’ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

රුසියන් යුක්රේන අර්බුදයේ දී ඇමෙරිකාව යුක්රේනයට අවි ආයුධ ලබා දෙමින් මූල්‍ය ආධාර ලබා දෙමින් සහාය පළ කරයි. දිගටම අවි ආයුධ ලබා දෙමින් යුක්රේන හමුදා ශක්තිමත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන සංචාරයකට ඇරැයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 57 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1632 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site