උඩ ගිය සිවිල් ගගනගාමීන් යහතින්
ඇමෙරිකාවේ ’ස්පේස් එක්ස්’ සමාගමේ, ෆෝල්කන් රොකට්ටුවේ ආධාරයෙන්, ඩ්‍රැගන් කැප්සියුලයේ නැගී පෘථිවි කක්ෂයට ගිය සිවිල් ගගන සංචාරකයන් සිවුදෙනා යහතින් පසුවන බවත්, ඔවුන්ගේ තෙදින අභ්‍යවකාශ සවාරිය හෙට (19) අවසන් වී ඔවුන් යළි පෘථිවියට පැමිණීමට නියමිත බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.