සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් 2021 වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩා විඳිද්දී පොදුවේ ලෝකයේ රටවල් තම හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2 ක් වියදම් කරමින් නව වාර්තාවක් පිහිටුවා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ස්ටොක්හොල්ම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ඊයේ (25) ප්‍රකාශයට පත් කළ වර්තාවක මේ බව සඳහන් විය.
ලෝකයේ සියලුම රාජ්‍යයන් එකතුව යුද අවි සඳහා 2021 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.113 වියදම් කර ඇති අතර වියදම් කළ රාජ්‍යයන් අතර ඇමෙරිකා එක්සත් ජනපදය,චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය සහ රුසියාවට මුල් ස්ථාන 5 හිමි වී ඇත.මෙම රාජ්‍යයන් 5 යුද අවි සඳහා වියදම් කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.113 මුදලින් සියයට 62 ක් සඳහා දායකත්වය සපයා ඇත.
පර්යේෂකයන්ට අනුව ගෝලීය යුද වියදම් පිටපිට වර්ධනය වූ හත්වෙනි අවුරුද්ද මෙය වේ.රාජ්‍යයන් මෙසේ යුද අවි සඳහා වියදම් කර ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පීඩා විඳි කාලයක වීම විශේෂත්වයක් විය.
පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 801 වියදම් කරමින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 293 වියදම් කරමින් චීනය දෙවැනි ස්ථානයටත් ඩොලර් බිලියන 76.6 වියදම් කරමින් ඉන්දියාව තුන්වෙනි ස්ථානයටත් ඩොලර් බිලියන 68.4 ක් වියදම් කරමින් එක්සත් රාජධානිය හතරවෙනි ස්ථානයටත් ඩොලර් බිලියන 65.9 ක් වියදම් කරමින් රුසියාව පස්වෙනි ස්ථානයටත් පත්ව ඇත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක බලවතුන් යුද ශක්තිය වර්ධනය කරගෙන