
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස බ්‍රිජට් බ්‍රින්ක්ස් පත් කිරීමට නිර්දේශ කර ඇත.
වසර දෙකක් පුරා හිස්ව තිබූ තානාපති ධූරය සඳහා බ්‍රිජට් බ්‍රින්ක්ස් පත් කිරීමට නිර්දේශ කෙරූ බව ඊයේ (25) ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.පත් වීම ස්ථිර කිරීම සඳහා බ්‍රිජට් බ්‍රින්ක්ස් හට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුය.
බ්‍රිජට් බ්‍රින්ක්ස් ස්ලෝවේකියාවේ තානාපතිනිය ලෙස කටයුතු කරන අතර ප්‍රවීන රාජ තාන්ත්‍රික නිලධාරිනියකි. 2019 වසරේදී හිස් වූ යුක්රේන තානාපති ධූරය සඳහා බ්‍රිජට් බ්‍රින්ක්ස්ගේ නම මෙසේ යෝජනා විය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමෙරිකානු රාජ තාන්ත්‍රිකයන් යුක්රේන තානාපති කාර්යාලය වෙත ක්‍රමානුකූලව පැමිණෙනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd