ලොව පුරා සරම්ප රෝගීන්, සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් 'යුනිසෙෆ්' සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව, සරම්ප වසංගතයක් හට ගැනීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබේ.
'කොවිඩ් 19' වසංගතය මුළු ලොවටම බලපෑම් එල්ල කරද්දී, ලොව පුරා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන්වලට ද එය බාධාවක් විය. ඒ අනුව සරම්ප සහ පෝලියෝ වැනි එන්නත්කරණ වැඩසටහන් අඩපණ වූ බවත්, ඒ නිසා සරම්ප රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් යුනිසෙෆ් සංවිධානය පැහැදිලි කර තිබේ.
මෙම 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි දක්වා කාලයේ සරම්ප රෝගීන් 17,338 ක් හමුවී ඇති බවත් පසුගිය 2021 වසරේ ජනවාරි සහ පෙබරවාරි දක්වා කාලයේ හමුවුණු සරම්ප රෝගීන් ගණන 9,665 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.
ලොව වැඩිම සරම්ප රෝගීන් වාර්තා වී ඇත්තේ සෝමාලියාවෙනි. ඉන්පසු සරම්ප රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ යේමනය, ඇෆ්ගනිස්තානය, නයිජීරියාව සහ ඉතියෝපියාවෙනි. සෙසු රටවල ද අසාමාන්‍ය ලෙස සරම්ප රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලොව පුරා සරම්ප රෝගීන් වැඩිවෙලා