ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකානුවන්ට ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ද මේවනවිට ප්‍රකාශයට පත් කර අවසන් වන අතර, 2021 සඳහා ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනකු අතරේ බෙදී ගොස් ඇත. 12 October 2021
’ලා පල්මා’ ගිනි කන්ද තවමත් පිපිරෙනවා ස්පාඤ්ඤයට අයත් ’ලා පල්මා’ දූපතේ ’කුම්බ්රේ වියේජා’ ගිනි කන්ද තවමත් පිපිරෙමින් පවතින බවත්, මේ වනවිට ගිනි කන්දෙන් නිකුත් වන ලාවා හේතුවෙන් විනාශයට පත්වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන 800 කට වැඩි බවත් වාර්තා වේ. 12 October 2021
තලේබාන් සංවිධානයට දොස් කියයි ඇෆ්ගන් බාලිකා අධ්‍යාපනයට අවසර දෙන බවටත්, කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ දෙන බවටත් පොරොන්දු වූ තලේබාන් පාලකයන් එම පොරොන්දු කඩ කර ඇතැයි පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ඇෆ්ගන් තලේබාන් රජයට දොස් නගා තිබේ. 12 October 2021
ණය සීමාව වැඩි කිරීමේ යෝජනාවට අනුමැතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනවට එරට සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. 12 October 2021
තලේබාන් සමග සාකච්ඡා සාර්ථකයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තලේබාන් සංවිධානයේ නිලධාරීන් අතර මුල් වරට මුහුණ මුහුණ පැවැත්වුණු සාකච්ඡාව ඉතාම හොඳින් අවසන් වූ බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි. 12 October 2021
රටවල් 7ක් අධි අවදානම් ලැයිස්තුවේ කොවිඩ් අවදානම අධික රටවල් ලෙස බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් නම්කර තිබූ රතු ලැයිස්තුවෙන් රටවල් රැසක් ඉවත් කළ ද රටවල් 7 ක් තවමත් අධි අවදානම් සහිත රතු ලැයිස්තුවට ඇතුලත් වන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. 12 October 2021
දින 106 කට පසු ලොක්ඩවුන් තහංචි ඉවතට ’කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තියත් සමඟ දින 106 ක් වසා තැබුණු (ලොක්ඩවුන්) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි විවෘත කෙරුණි. 11 October 2021
කුර්ස් ඔස්ට්‍රියානු චාන්සල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි දූෂණ චෝදනා එල්ල වීමත් ජනතා අප්‍රසාදය වර්ධනය වීමත් සමඟ ඔස්ට්‍රියානු චාන්සල් සෙබෙස්තියන් කුර්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. 11 October 2021
පාකිස්තානයේ න්‍යෂ්ටික පියා මියයයි පාකිස්ථාන න්‍යෂ්ටික වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන න්‍යෂ්ටික විද්‍යාඥ අබ්දුල් කදීර් ඛාන් ’කොවිඩ් 19’ ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්ව අභාවප්‍රාප්ත වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 85 කි. 11 October 2021
සබ්මැරීන රහස් විකුණන්න හදලා ඇමරිකානු න්‍යෂ්ටික සබ්මැරීන රහස් විකිණීමට උත්සාහ කළ යුවළක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 11 October 2021
චෙක් ජනරජයේ දේශපාලන අර්බුදයක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් පරාජයට පත් වීමත්, ජනපති ධුරයේ කටයුතු කරන මයිලෝස් සීමන් හදිසියේ රෝගී වී රෝහල්ගත කිරීමත් සමඟ ’චෙක් ජනරජයේ’ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ’චෙක් ජනරජය’ (චෙච්නියාව) යනු යුරෝපා රටකි. 11 October 2021
එයාර් ඉන්දියා යළි ටාටා සමාගමට ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන ’එයාර් ඉන්දියා’ ගුවන් සමාගම, එම ගුවන් සමාගම පිහිටුවූ එරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන ටාටා සමූහය විසින් මිලදී ගනු ලැබ ඇත. 11 October 2021
දේශපාලනික එක්වීමකට සූදානම් තායිවානය සමඟ සාමකාමී දේශපාලන එක්වීමක් අපේක්ෂා කරන බවත්, චීනය ඊට සූදානම් බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිතිවරයා මෙසේ පවසා ඇත්තේ, තමන් ආක්‍රමණය කිරීමට චීනය සූදානම් වෙනවා යැයි තායිවානය දිගින් දිගටම පැවැසීමත් සමඟය. 09 October 2021
බ්‍රසීලයේ ’කොවිඩ්’ මරණ ලක්ෂ 6 පසු කරයි බ්‍රසීලයේ ’කොවිඩ් 19’ මරණ මේ වනවිට ලක්ෂ 6 පසු කර තිබේ. ’කොවිඩ් 19’ වසංගතය උත්සන්න වීමෙන් පසු, තවමත් ලොව දෙවැනියට වැඩිම ’කොවිඩ් 19’ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. 09 October 2021
මුළු ගමකටම එන්නත් දීලා කොරෝනා මර්දන එන්නතේ සාර්ථකත්වය මැන බැලීමට ෆයිසර් සමාගම විසින් බ්‍රසීලයේ ගම්මානයක් සම්පූර්ණයෙන් එන්නත්කරනය කිරීමට තීරණය කර තිබේ. 08 October 2021
ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලබා දෙන්න අඩුපාඩු සකසා ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලබාදෙන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් බලශක්ති සැපයුම්කරුවන්ගෙන් ඊයේ (7) දැඩි ඉල්ලීමක් කළේ ය. 08 October 2021
ඇමෙරිකන් සබ්මැරීනයකට අකරතැබ්බක් ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් “හඳුනා නොගත් වස්තුවක” ගැටී ඇතැයි වාර්තා වේ. 08 October 2021
’ඇස්ට්‍රාසෙනකා’ ඇන්ටාක්ටිකාවට දක්ෂිණ ධ්‍රැවයේ අයිස්වලින් මිදුණු හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කඳවුරුවල රුඳී සිටින විවිධ රටවල විද්‍යාඥයන් සහ පර්යේෂකයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 08 October 2021
ඉන්දියාව සංචාරකයන්ට විවෘත කෙරේ ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, වසර 1 1/2 කට පසු ඉන්දිායාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය. ඉන්දීය රජය සහ සංචාරක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන 15 වැනිදා සිට සංචාරකයන්ට ඉන්දියාවට පැමිණීමට අවසර හිමිවනු ඇති බවය. 08 October 2021
’කොවිෂීල්ඩ්’ ගත් අය නිරෝධායනය කරන්නේ නෑ ’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඉන්දියාවේ නිපදවන ’කොවිෂීල්ඩ්’ එන්නතතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දියානුවන්ට නිරෝධායනයකින් තොරව බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර දෙන බව ඉන්දීය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇලෙක්ස් එලියස් ට්විටර් පණිවුඩයකින් දන්වා තිබේ. 08 October 2021
ස්පුට්නික් එන්නතට අනුමැතිය දෙන්න සැරැසෙයි රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීමට අදාළ ක්‍රියාවලිය යළි ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 08 October 2021
නොබෙල් සාහිත්‍ය සම්මානය ටැන්සානියා නවකතාකරුට මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඉංග්‍රීසි බසින් පොත් ලියන ටැන්සානියා ලේඛක අබ්දුල් රසාක් ගුර්නාර්ට පිරිනැමීමට තීරණය කළ බව ස්වීඩන ඇකඩමිය පවසා තිබේ. 07 October 2021
’ෆේස්බුක්’ මනස අවුල් කරනවා ’ෆේස්බුක්’ සමාජ මාධ්‍ය ජාලය තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිකර බවත්, සමාජයේ බෙදීම් ඇති කරන බවත් ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයට බරපතල තර්ජනයක් බවත් ’ෆේස්බුක්’ සමාගමේ නිලධාරිනියක ලෙස රැකියාව කළ ෆ්රාන්සෙස් හෝගන් ඇමෙරිකන් සෙනෙට් උප කමිටුවක් හමුවේ පැහැදිලි කර තිබේ. 06 October 2021
වෛද්‍ය විද්‍යා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග පිරිනමයි මෙම 2021 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්රදානය මේ වනවිට ආරම්භ වී තිබේ. 06 October 2021
චීනය - තායිවානය නොසන්සුන් චීනයත්, තායිවානයත් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය වසර 40 ක් ඇතුළත ඉතාමත් දරුණු අතට හැරී ඇතැයි තායිවාන ආරක්ෂක කටයුතු අමාත්‍ය චීයු කුඕ චෙංග් බිය පළ කරයි. 06 October 2021
සකර්බර්ගේ ධනය අඩුවෙලා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඇතුළු ඊට අයත් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් පැය හයක කාලයට බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ගේ පෞද්ගලික ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 6කින් අඩු වී ඇතැයි ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 05 October 2021
වැඩිම දින ගණනක් වැසුණු නගරය ’කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වැඩිම දින ගණනක් එක දිගට වසා තැබූ නගරය ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 05 October 2021
කොරෝනා බෙහෙත් කරල ඇණවුම් කරයි ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ’මොල්නුපියවියර්’ නමැති බෙහෙත් කරල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමත් සමඟ එය ඇණවුම් කිරීමට තායිලන්තය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. 05 October 2021
තලේබාන්වරුන් අමු අමුවේ ඝාතන කරනවා ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට, එරට ජීවත් වන වාර්ගික ජනකොට්ඨාශයක් ලෙස සැලකෙන ’හසාරා’ වැසියන් අමු අමුවේ මරා දමන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කරයි. 05 October 2021
කොවිඩ් මරණ වෙනුවෙන් පාරිතෝෂික දීමනාවක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට ඉන්දීය රුපියල් 50,000ක පාරිතෝෂික දීමනාවක්/සහනයක් ලබාදීමේ ප්‍රතිපත්තියට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමි වී තිබේ. 04 October 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026