
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම සැලැසුම් කළ ආකාරයට සිදු නොවන බවත්, ඒ අනුව රුසියන් යුක්රේන යුද්ධය දිග් ගැස්සෙමින් ඇති බවත් පුටින් හිතවාදියකු වන බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසයි.
බෙලරූසය යනු යුක්රේනයේත් රුසියාවේත් අසල්වැසියාය. රුසියන් හමුදා උතුරු දෙසින් යුක්රේනය වර කරමින් යුක්රේනයට කඩා වැදුණේ ද බෙලරූසය හරහාය. යුක්රේනය ආක්‍රමණය කිරීමට බෙලරූසයේ සහාය රුසියාවට නොඅඩුව හිමිවිය.
'රුසියාව අපේක්ෂා කළ අන්දමින් හෝ සැලැසුම් කළ අන්දමින් යුක්රේන ආක්‍රමණය සිදුවෙන්නේ නැහැ. රුසියන් යුක්රේන යුද්ධය දිග් ගැස්සෙනවා. ඊට හේතුව යුක්රේනය යටත් වීම ප්‍රතික්ෂේප කරන බැවින්' යැයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය අදහස් පළ කළේ ඇමෙරිකාවේ 'ඇසෝසියේටඩ් ප්‍රෙස්' පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අකාරයට රුසියාව පිළිනොගත්තත්, මේ වනවිට රුසියන් හමුදා දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි පැවැසෙයි. රුසියානු-යුක්රේන යුද ගැටුම්වලදී රුසියන් ජනරාල්වරුන් ඝාතනය කිරීමට යුක්රේන හමුදාවටත්, සිවිල් සටන්කාමීන්ටත් බුද්ධි තොරතුරු ලබා දී ඇත්තේ ඇමෙරිකාවය. මේ බව ඇමෙරිකන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පතට පවසා තිබේ.
රුසියන් හමුදාව යුක්රේනයේ ස්ථාපිත කළ හමුදා මූලස්ථාන පිහිටි ස්ථාන පිළිබඳ යුක්රේන හමුදාවට තොරතුරු ලබා දී ඇත්තේ ද ඇමෙරිකන් බුද්ධි අංශ යැයි 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පත වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ... යුරෝපයේ දෙවැනි සාතන්..