IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රුසියන් යුක්රේන යුද්ධය දිග්ගැස්සුනා වැඩියි

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම සැලැසුම් කළ ආකාරයට සිදු නොවන බවත්, ඒ අනුව රුසියන් යුක්රේන යුද්ධය දිග් ගැස්සෙමින් ඇති බවත් පුටින් හිතවාදියකු වන බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසයි.

බෙලරූසය යනු යුක්රේනයේත් රුසියාවේත් අසල්වැසියාය. රුසියන් හමුදා උතුරු දෙසින් යුක්රේනය වර කරමින් යුක්රේනයට කඩා වැදුණේ ද බෙලරූසය හරහාය. යුක්රේනය ආක්‍රමණය කිරීමට බෙලරූසයේ සහාය රුසියාවට නොඅඩුව හිමිවිය.

'රුසියාව අපේක්ෂා කළ අන්දමින් හෝ සැලැසුම් කළ අන්දමින් යුක්රේන ආක්‍රමණය සිදුවෙන්නේ නැහැ. රුසියන් යුක්රේන යුද්ධය දිග් ගැස්සෙනවා. ඊට හේතුව යුක්රේනය යටත් වීම ප්‍රතික්ෂේප කරන බැවින්' යැයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය අදහස් පළ කළේ ඇමෙරිකාවේ 'ඇසෝසියේටඩ් ප්‍රෙස්' පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අකාරයට රුසියාව පිළිනොගත්තත්, මේ වනවිට රුසියන් හමුදා දැඩි පසුබැසීමකට ලක් වී ඇතැයි පැවැසෙයි. රුසියානු-යුක්රේන යුද ගැටුම්වලදී රුසියන් ජනරාල්වරුන් ඝාතනය කිරීමට යුක්රේන හමුදාවටත්, සිවිල් සටන්කාමීන්ටත් බුද්ධි තොරතුරු ලබා දී ඇත්තේ ඇමෙරිකාවය. මේ බව ඇමෙරිකන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පතට පවසා තිබේ.

රුසියන් හමුදාව යුක්රේනයේ ස්ථාපිත කළ හමුදා මූලස්ථාන පිහිටි ස්ථාන පිළිබඳ යුක්රේන හමුදාවට තොරතුරු ලබා දී ඇත්තේ ද ඇමෙරිකන් බුද්ධි අංශ යැයි 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පත වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

රුසියන් යුක්රේන යුද්ධය දිග්ගැස්සුනා වැඩියි

Kumar (Gulf) Saturday, 07 May 2022 04:09 PM

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ... යුරෝපයේ දෙවැනි සාතන්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site