නැගෙනහිර යුක්රේනයේ ගම්මානයක පාසලකට රුසියන් හමුදාව බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එයින් 60 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් යුක්රේන රජය චෝදනා නගයි.
රුසියන් හමුදාව පහර දී ඇත්තේ බිලොහොර්විකා ගම්මානයේ පාසලකට යැයි පැවැසෙයි.
රුසියන් ප්‍රහාර හමුවේ බිලොහොර්විකා වැසියන් මෙම පාසලේ ආරක්ෂාව ලැබ සිටිද්දී පාසලට බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.
ප්‍රහාරය එල්ල වෙද්දී පාසලේ රැඳී සිටි යුක්රේන වැසියන් ගණන 92 ක් යැයි බටහිර පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd