
ධවල මන්දිරයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස 44 හැවිරිදි කළු ජාතික කාන්තාවක වන කැරීන් ජෝන් පියේ නම් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත.
ඒ අනුව, ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට කළු ජාතික කාන්තාවක පත් වන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක යනු ඇමෙරිකන් ජනාධිපතිවරයා වෙනුවෙන් රටේ මාධ්‍ය සමඟ සහ ජගත් මාධ්‍ය සමඟ සම්බන්ධ වන ජනාධිපතිවරයාගේ පරිපාලනයේ ප්‍රධාන මුහුණුවරය.
ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කරමින් සිටින 43 හැවිරිදි ජෙන් සාකී එම තනතුරින් ඉවත් වීමට නියමිතය. ඇය මේ බව ප්‍රසිද්ධියට පත් කළේ මීට සති කීපයකට පෙරය. සාකීගේ ඉවත් වීම සිදුවනු ඇත්තේ ලබන සති අන්තයේය.
ජෙන් සාකී සිය තනතුරෙන් මෙන්ම ධවල මන්දිරයෙන් ද සමුගෙන යන්නේ ඇයට 'එම්එස්එන්බීසී' මාධ්‍ය නාළිකාවේ ඉහළ තනතුරක් හිමිවී ඇති බැවිනි. සාකී මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කරද්දී, නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කළේ කැරීන් ජෝන් පියේ ය. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ධුරයට සුදුසුම තැනැත්තිය කැරීන් ජෝන් පියේ යැයි ඇයට සුබ පතමින් ජෙන් සාකී ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධවල මන්දිරයට අලුත් මාධ්‍ය ප්‍රකාශිකාවක්