IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බොන්ග්බොන්ග්ට වැඩි වාසි

පිලිපීන ජනාධිපති සහ උප ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසුම හෙට (9) පැවැත්වෙයි.

ජනාධිපති ධුරය සඳහාත් උප ජනාධිපති ධුරය සඳහාත් අපේක්ෂකයන් 6 දෙනා බැගින් ඉදිරිපත් වී සිටින අතර, ජනමත සමීක්ෂණ අනුව, ඔවුන් අතරින් ඉදිරියෙන් සිටින්නේ, පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග්ය.

පිලිපීනය මුහුණ දෙන ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදවලට පිළියම් යෙදීමටත්, රට ශක්තිමත් කිරීමටත් තමන් සූදානම් යැයි බොන්ග්බොන්ග් ප්‍රතිඥා දී තිබේ. බොන්ග්බොන්ග්, ෆර්ඩිනැන්ඩ් මාකෝස් සහ බිරිඳ ඉමෙල්ඩාගේ එකම පුත්‍රයා ය. ජනතාව පීඩාවට පත් කළ ඒකාධිපති පාලකෙයකු ලෙස ෆර්ඩිනැන්ඩ් මාකෝස් සැලෙකන අතර, ජනතා මුදලින් 'සුරසැපවිඳි' ජනාධිපති ආර්යාවක ලෙස සැලකෙන්නේ ඉමෙල්ඩා ය. මැය තවමත් ජීවතුන් අතර සිටී.

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියකු වන බොන්ග්බොන්ග් මේ වනවිට නියෝජනය කරන්නේ 'පී.ඊ.පී' පිලිපීන ජාතික පක්ෂයයි. බොන්ග්බොන්ග් විවාහ වූයේ 1993 වසරේදීය. ඔහුට දරුවන් තිදෙනෙකි. 1980 සිට 83 කාලයේ ඉලොකෝස් නෝටේ පළාතේ උප ආණ්ඩුකාරවරයා ලෙසත්, 1998 සිට 2007 තෙක් කාලයේ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර තිබේ. 2010 සිට 2016 තෙක් කාලයේ පිලිපීන සෙනෙට් මණ්ඩලය නියෝජනය කිරීමට ද බොන්ග්බොන්ග් ට හැකිවිය.

1987 පිලිපීන ව්‍යවස්ථාවට අනුව, එක් ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර 6 ක් පමණි. ඒ අනුව, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ට තවත් ධුර කාලයක් හිමි නොවෙයි. කෙසේ නමුත් පිලිපීන ව්‍යවස්ථාවට අනුව, උප ජනාධිපතිවරයාට සිය ධුර කාලය අවසානයේ, ජනාධිපති ධුරයට ඉල්ලුම් කළ හැකිය.

ඒ අනුව, ඩුටර්ටේගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපති ලෙස කටයුතු කරන ලෙනී රොබ්‍රෙඩෝ ජනාධිපති අපේක්ෂිකාව ලෙස හෙට (9) දිනයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බොන්ග්බොන්ග්ට වැඩි වාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site