IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුක්රේනයට ආයුධ දීම කඩිනම් කරනවා

රුසියන් හමුදා ආක්‍රමණයට එරෙහිව මුහුණ දෙන යුක්රේනයට අවි ආයුධ ලබා දීම කඩිනම් කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ම්ලේච්ඡ යුද්ධය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආරම්භ කළ යුද්ධයක් බවත්, යුක්රේනයට ආරක්ෂා වීමට සහාය දැක්වීම සැමවිටම සාමය අපේක්ෂා කරන ඇමෙරිකාවේ වගකීම බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට කඩිනමින් අවි ආයුධ ලබා දීමට පියවර ගෙන ඇත්තේ, දෙවැනි ලෝක යුද්ධයේදී ඇමෙරිකාව යුරෝපයේ මිත්‍ර පාර්ශ්වීය රටවලට ණය මුදල් සහ ආයුධ ලබා දීමට ඇති කරගත් පනතක් යවත්කාලීන කරමිනි.

ඒ සඳහා නියෝගයට බයිඩන් අත්සන් කළේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් කරමින් ජර්මන් නාසි හමුදා පරාජය කිරීමේ සැමරුමට සමගාමීවය.

ඊට අමතරව, තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 33 ක මුදලක් යුක්රේනයට ලබා දීමට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා එරට කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) යෝජනා කර තිබේ.

මේ අතර, යුක්රේනයට අවි ආයුධ සැපයීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අවි තොග අවසන් වී ගෙන යන බව කොංග්‍රසයේ රිපබ්ලිකන් පාක්ෂික මයික් ගැලගර් පවසා තිබේ.

මේ වන විටත් යුක්රේනයට වසර ගණනක් සඳහා අවශ්‍ය අවි තොග ලබා දී අවසන් බව මයික් ගැලගර් වැඩි දුරටත් පවසා ඇත. එසේ තිබියදී ඇමෙරිකන් ජනාධිපතිවරයා තව තවත් යුක්රේනයට අවි ආයුධ ලබා දීමට පියවර ගැනීම ගැලගර්ගේ විරෝධයට හේතුවක් වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනයට ආයුධ දීම කඩිනම් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site