ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය, ඔවුන්ගේ දළදඩු ෂරියා නීතිය අනුව කටයුතු කරමින්, කාන්තාවන් සඳහා පැනැවූ නීති දැඩි කර ඇති බවත්, ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් සිරුර ආවරණය කර ගනිමින් බුර්කාව පැලැඳිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.
1996 සිට 2001 කාලයේ, ඇෆ්ගනිස්තානයේ බලයේ සිටියේ තලේබාන්වරුන්ය. තලේබාන්වරු ඔවුන්ටම ආවේණික ෂරියා නීතියක් ක්‍රියාත්මක කරති. 1996 සිට 2001 කාලයේ, තලේබාන් පාලනය, මානව හිමිකම් උල්ලංගනය කරන බවට චෝදනා එල්ල වූයේ ද ඒ නිසාය.
2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පහර දුන්, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ට සැඟවීමට උදව් කළේ යැයි තලේබාන්වරුන්ය. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින් තලේබාන් පාලනය පෙරළා දැම්මේ ඒ අනුවය. 2001 වසරේ සිට 2021 දක්වා ඇෆ්ගන් යුද්ධයට හේතුව වූයේ මෙම ආක්‍රමණයයි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ පසුගිය අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමත් සමඟය. එසේ බලය අල්ලා ගනිමින් ඔවුන් පොරොන්දුවක් ලබා දුන්නේ, ඔවුන් බලයේ සිටියදී ක්‍රියාත්මක කළ දළදඩු ෂරියා නීතිය බැහැර කරමින්, එය ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.
එසේ ප්‍රතිඥා දුන්නත් තලේබාන්වරුන් කාන්තාවන් හා සම්බන්ධ ෂරියා නීති දැඩිව ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනෙයි. මෙය ජාත්‍යන්තරයේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. ද්විතීක බාලිකා අධ්‍යාපනය තහනම් කිරීමට, කාන්තාවන්ට තනිවම ගමන් බිමන් යෑමට අවසර නොදීමට, රියැදුරු බලපත්‍ර නිකුත් නොකිරීමට ද තලේබාන් රජය කටයුතු කර තිබේ.
ප්‍රසිද්ධ ස්ථානවලදී ඇෆ්ගන් කාන්තාවන් බුර්කාව පැලැඳිය යුතුයි යන නියෝගය නිකුත් කළේ ඇෆ්ගන් උත්තරීතර නායකයා සහ තලේබාන් සංවිධානයේ ප්‍රධානී හිබතුල්ලා අකුන්දාසාද් එක් වෙමිනි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇෆ්ගන් තලේබාන්වරු බුර්කාව අනිවාර්ය කරති