
‘ජී7’ රටවල රාජ්‍ය නායකයන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් පැවැත්විණි. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
එහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවී කතා කිරීමෙන් පසු රුසියාවට නව සම්බාධක පැනැවීමට ‘ජී7’ නායකයෝ තීරණය කළහ.
“රුසියානු තෙල් ආනයනය ක්‍රමානුකූලව නතර කිරීමට හෝ තහනම් කිරීමට හෝ අප කැපවී සිටිනවා” යැයි ජී7 නායකයන් ඒකමතිකව තීරණය කළ බව ද පැවැසෙයි.
මීට අමතරව, ඇමෙරිකා රජය රුසියානු රූපවාහිනී නාලිකා තුනකට නව සම්බාධක පනවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට අමතරව, රුසියානු ජාතිකයන්ට ගිණුම්කරණ සේවා සහ උපදේශන සේවා සැපැයීම වැළැක්වීමට ද ඇමෙරිකන් රජය පියවර ගෙන තිබේ.
රුසියාවේ වාණිජ බැංකු දෙකක විධායක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ද ඇමෙරිකාව සම්බාධක පැනැවීම් සිදු කර ඇතැයි බටහිර පුවත් සේවා වාර්තා කර ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙලෙන්ස්කී ‘ජී7‘ නායකයන් හමුවෙයි