
‘ජී7’ රටවල රාජ්‍ය නායකයන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් පැවැත්විණි. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
එහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවී කතා කිරීමෙන් පසු රුසියාවට නව සම්බාධක පැනැවීමට ‘ජී7’ නායකයෝ තීරණය කළහ.
“රුසියානු තෙල් ආනයනය ක්‍රමානුකූලව නතර කිරීමට හෝ තහනම් කිරීමට හෝ අප කැපවී සිටිනවා” යැයි ජී7 නායකයන් ඒකමතිකව තීරණය කළ බව ද පැවැසෙයි.
මීට අමතරව, ඇමෙරිකා රජය රුසියානු රූපවාහිනී නාලිකා තුනකට නව සම්බාධක පනවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට අමතරව, රුසියානු ජාතිකයන්ට ගිණුම්කරණ සේවා සහ උපදේශන සේවා සැපැයීම වැළැක්වීමට ද ඇමෙරිකන් රජය පියවර ගෙන තිබේ.
රුසියාවේ වාණිජ බැංකු දෙකක විධායක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ද ඇමෙරිකාව සම්බාධක පැනැවීම් සිදු කර ඇතැයි බටහිර පුවත් සේවා වාර්තා කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd