
චීනයට අයත් වෙනම පරිපාලන ප්‍රදේශයක් වන හොංකොං නගර රාජ්‍යයේ නව පාලකයා ලෙස හිටපු ආරක්ෂක අංශ ප්‍රධානී 64 හැවිරිදි ජෝන් ලී තේරා පත් කරගෙන තිබේ.
හොංකොං පාලකවරයා පත් කර ගැනීම සිදුවන්නේ හොංකොං පරිපාලන කමිටුව සිදු කරන ඡන්ද විමසුමකිනි. මෙම පරිපාලන කමිටුවේ සිටිනේ චීන හිතවාදීන්ය. ඒ අනුව, ජෝන් ලී ද චීන හිතවාදී පාලකයෙකි.
ඡන්ද විමසුමේ දී පාලක මණ්ඩලයේ සාමාජිකයන් 1,416 දෙනාගෙන් සියයට 99 ක් ජෝන් ලී නව පාලකයා ලෙස පත් කර ගැනීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd