IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ ’ට්විටර්’ තහනම ඉවත් කරයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පනවා ඇති 'ට්විටර්' තහනම ඉවත් කරන බව, ට්විටර් සමාගම මිලදී ගත් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසා ඇත.

2021 ජනවාරි 6 වැනිදා එවකට ජනාධිපති ධුරයේ සිටි රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වොෂින්ටන් අගනුවර පිහිටි 'කැපිටල් හිල්' ගොඩනැගිල්ලට කඩා වැදී පහර දුන්හ.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) රැස්වන්නේ ද මෙම 'කැපිටල් හිල්' ගොඩනැගිල්ලේය. එසේ වූයේ පැවැති ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජය ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බැවිනි. 2019 නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය.

ට්‍රම්ප් සිය ආධාරකරුවන් උසි ගන්වමින්, කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමට ඔවුන් යොමු කළේ ටිව්ටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමිණි. 2021 ජනවාරි 6 වැනිදා ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් එක්වුණු දිනයක් ලෙස සැලකෙයි.

ජනතාව උසි ගැන්වීම සහ ඔවුන් කුපිත කිරීම සම්බන්ධයෙන් 'ටිවිටර්' සමාගම ට්‍රම්ප්ට තහංචි පැනැවූයේ ට්‍රම්ප්ගේ ටිවිටර් ගිණුම් අත්හිටුවමිනි. 'ටිවිටර්' ගිණුම අත්හිටුවූ බැවින් ට්‍රම්ප් ඔහුගේ අදහස් ජනතාව වෙත ගෙන යෑමට වෙනම සමාජ මාධ්‍ය ජාලයක් ද පිහිටුවා ඇත.

ට්‍රම්ප් ව්‍යාපාරිකයකු වන අතර, ඔහු ඉලොන් මස්ක්ගේ මිතුරකු ද වෙයි. 'ටෙස්ලා', 'ස්පේස් එක්ස්' වැනි සමාගම්වල හිමිකරු ද වන බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්, ට්විටර් සමාගම මිලදී ගත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකටය. එම අවස්ථාවේදී ද බොහෝ දෙනා පැවැසුවේ, මස්ක් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට යළි 'ටිවිටර්' භාවිතයට ඉඩ සලසා දෙනු ඇති බවය.

(රොයිටර්)



අදහස් (0)

ට්‍රම්ප්ගේ ’ට්විටර්’ තහනම ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site