
ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩන් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාව පිළිගනු ලැබුවේ යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කී විසිනි.
ජනාධිපති ආර්යා ජිල් බයිඩන්, පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයට ගියේ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමිනි. ජිල් බයිඩන්ගේ මෙම යුක්රේන සංචාරයේ අරමුණ, රුසියන් ආක්‍රමණය හමුවේ, ඇමෙරිකාවේ සහාය යුක්රේන රජයට නොඅඩුව ලැබෙන බව පෙන්වීමය.
යුක්රේන ජනාධිපති ආර්යාව ඇමෙරිකන් ජනාධිපති ආර්යාව පිළිගත්තේ මල් කලඹක් දී ඇය උණුසුම් ලෙස වැලඳ ගනිමිනි.
ජිල් බයිඩන් ගුරුවරියක මෙන්ම අධ්‍යාපනඥයෙකි. ඇය කීව් අගනුවර ප්‍රධාන පාසලකට ද ගියාය. ඒ, යුක්රේන ජනාධිපති ඔලේනා සමඟය.
රුසියන් ප්‍රහාර හමුවේ උන් හිටිතැන් අහිමිවුණු කීව් අගනුවර වැසියන් ආරක්ෂාව ලැබ රැඳී සිටින්නේ මෙම පාසලේය. පාසලේ යුක්රේන වැසියන් 163 දෙනකු සිටින බවත් ඔවුන්ගෙන් 47 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd