මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා මෙන්ම ලොව කෝටිපති ව්‍යාපාරිකයකු ද වන බිල් ගේට්ස් 'කොවිඩ් 19' ආසාදිතයකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ බිල් ගේට්ස් නිකුත් කළ 'ට්විටර්' පණිවුඩයක් උපුටා දක්වමිනි. තමන් 'කොවිඩ් 19' ආසාදිතයකු බවත්, මේ වනවිට හුදෙකලා වී සිටින බවත්, සුළු රෝග ලක්ෂණ පමණක් ඇති බවත් බිල් ගේට්ස් එම ට්විටර් පණිවුඩයෙන් පවසා ඇත.
66 හැවිරිදි බිල් ගේට්ස්, 'කොවිඩ් 19' වයිරසය සඳහා පළමු සහ දෙවැනි එන්නත් පමණක් නොව, තෙවැනි බූස්ටර් එන්නත ද ලබාගෙන තිබේ.
'කොවිඩ් 19' වසංගය ලොව දරුණු ලෙස ව්‍යාප්ත වූ අවස්ථාවේදී, දිළිඳු රටවලට එන්නත් ලපබා දීමට බිල් ගේට්ස් පදනම මැදිහත් වී කටයුතු කළේය.
ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම 'කොවිඩ් 19' ආසාදිතයන් ඉක්මනින් සුවපත් කර ගැනීමට නිපදවන 'කොවිඩ් 19' බෙහෙත් පෙති මිලදී ගෙන ඒවා දිළිඳු රටවලට බෙදා දීම ද බිල් ගේට්ස් පදනම මගින් සිදුවෙයි. ඒ සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 120 කි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිල් ගේට්ස්ට කොරෝනා