
බ්‍රසීල ජනාධිපති ලෙස ජෙයාර් බොල්සරානෝ පත් වීමෙන් අනතුරුව ඇමසන් වනාන්තරය හෙළි කිරීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම පරිසරවේදියකු ද වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ පවසයි.
ලියනාඩෝ ඩිකැප්‍රියෝ තම නිල ට්විටර් ගිණුමේ සටහන් කිහිපයක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය (3) දා බ්‍රසීල ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැස්වූ තම පාක්ෂිකයන් පිරිසක් අමතමින් ජනාධිපති බොල්සරානෝ ඩිකැප්‍රියෝගේ ප්‍රකාශයට පිළිතුරු දුන්නේය.
”ඩිකැප්‍රියෝ දැනගන්න ඕනේ ලෝක වෙළඳ සංවිධානයේ සභාපතිවරයාමයි කිව්වේ බ්‍රසීලයේ කෘෂි ව්‍යාපාරය නොමැති වුවහොත් ලෝකයට බඩ ගින්නේ ඉන්න සිදුවන බව ඒ හින්දා විකාර කියවන්නේ නැතිව කට වහගෙන හිටියොත් තමා හොඳ”යැයි ජනාධිපති බොල්සරානෝ පැවසීය.
ඊයේ (4) ඩිකැප්‍රියෝ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ”දේශගුණික විපර්යාස වලට තීරණාත්මක ඇමසන් වනාන්තරය සහ අනිකුත් පරිසර පද්ධති වල නිවහන බ්‍රසීලයයි.එම නිසා බ්‍රසීලයේ සිදුවන දේ අපට වැදගත්.තරුණ ඡන්ද ග්‍රහලෝකයේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරගැනීම සඳහා වැදගත් සාධකයක්.එම නිසා ඡන්දය පාවිච්චි කිරීමට ලියාපදිංචි වන්න”යැයි පැවසීය.
මෙයට පිළිතුරු දෙමින් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ ”බොහොම ස්තූති ලබා දෙන සහයෝගයට. ලියෝ,ළඟ එන මැතිවරණයේදී සෑම ඡන්දයක්ම ඉතා වැදගත්.මිනිස්සු තීරණය කරාවි ඇමසන් වනාන්තරය පිළිබඳ ස්වාධිපත්‍ය අපි තියාගන්නවද එහෙමත් නැත්නම් විශේෂ විදේශ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන හොරු යටතේ පාලනය වෙනවද කියලා”යැයි ජනාධිපති බොල්සරානෝ ප්‍රකාශ කළේය.
(සී.එන්.එන්.)
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල ජනපතිට චෝදනාවක්