
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තොනි බ්ලින්කන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
රාජ්‍ය ලේකම් බ්ලින්කන් පූර්ණ එන්නත්කරණයට ලක්වුණු අයකු බවත්, ඔහුගෙන් සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් පෙන්නුම් කරන බවත් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
බ්ලින්කන් මේ වනවිට හුදෙකලාවී පසුවන බවත් නිවසේ සිට රාජකාරී සිදු කරන බවත් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ.
පසුගිය දිනවල රාජ්‍ය ලේකම් බ්ලින්කන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී නොමැති බව ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd