
යුක්රේන වැසියන්ගේ ජීවිත බේරා ගනිමින්, බිම් බෝම්බ 200 කට වැඩි ගණනක් සොයා දුන්, යුක්රේන හමුදාවට අයත් නිල සුනඛයකුට වීර පදක්කමක් පිරිනැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කටයුතු කළේය.
යුක්රේන ජනාධිපතිවරයා ‘පේට්‍රොන්’ නමැති ජැක් රසල් ටෙරියර් වර්ගයේ නිල සුනඛයා ඇගැයීමට ලක් කළේ, යුක්රේනයේ කීව් අගනුවර සංචාරයකට පැමිණ සිටි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සමඟ පැවැති මාධ්‍ය හමුව අතරතුරේදීය.
‘පේට්‍රොන්’ පමණක් නොව, ඔහු බලා ගන්නා සහ පුහුණුව ලබා දෙන හමුදා නිලධාරියා ද මෙම අවස්ථාවේදී ඇගැයීමට ලක් වුණු බව පැවැසෙයි.
පදක්කම් ප්‍රදානය කළ අවස්ථාවේදී, සෙලෙන්ස්කී පමණක් නොව, අග්‍රාමාත්‍ය ටෘඩෝ ද ‘පේට්‍රොන්’ සුරතල් කිරීමට පවා අමතක නොකළාහ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුංචි බල්ලාට වීර පදක්කමක්