IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පුටින්ගේ ප්‍රකාශයට ඇමෙරිකාවේ විරෝධය

දෙවැනි ලෝක යුද්ධයේදී රුසියන් හමුදා නාසි ජර්මනිය පරාජය කිරීම සමරමින්, රුසියාවේ මොස්කව් අගනුවර පැවැති විජයග්‍රාහී සැමැරුමේදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, විජයග්‍රාහී සැමරුමේ දී රුසියන් සොල්දාදුවන් සහ රුසියන් ජනතාව ආමන්ත්‍රණයට කරමින්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කළේය. යුක්රේනයේ නාසිවාදය පරාජය කළ යුතු බව ජනාධිපති පුටින් අවධාරණය කළේය.

පුටින්, යුක්රේනයේ 'නාසිවාදය' යනුවෙන් හඳුන්වන්නේ එරට ජාතිකවාදී ප්‍රතිපත්තිය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්නේ 'නාසිවාදයෙන්' යුක්රේනයේ සිටින රුසියන් හිතවාදීන් ආරක්ෂා කර ගැනීමට බව ජනාධිපති පුටින් යළිත් අවධාරණය කළේය.

'රුසියන් ජනාධිපතිවරයා විජයග්‍රාහී සැමැරුමේදී කළ ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකියි. එය සාධාරණීකරණය කිරීමට ඔහු උත්සාහ ගන්නා ආකාරයක් සැමවිටම පෙනෙනවා. කෙසේ නමුත්, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් පුටින්ට සමාව දීමට හැකියාව නැහැ' යැයි ඇමෙරිකන් රජය වෙනුවෙන්, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පුටින්ගේ ප්‍රකාශයට ඇමෙරිකාවේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site