
නෙදර්ලන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනකු මියගිය බවත් තවත් දෙදෙනකු බරපතල තුවාල ලැබූ බවත් වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවූයේ මානසික රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථානයකය. මියගිය දෙදෙනා 16 හැවිරිදි දැරියක සහ 34 හැවිරිදි කාන්තාවකිත මොවුන් මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි අය බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ නෙදර්ලන්තයේ ඇල්බසර්ඩෑම් නුවර ට්‍රො ටාර්ඩි වෛද්‍ය මධ්‍යස්ථානයේය.
තුවාල ලැබූ දෙදෙනා ද වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි අය බව පැවැසෙයි. තුවාල ලැබුවේ 16 හැවිරිදි පිරිමි දරුවකු සහ 20 හැවිරිදි තරුණියකි.
වෙඩි තබා බලා ගිය තැනැත්තා අසල උද්‍යානයක සිටිද්දී අල්ලා ගැනීමට නෙදර්ලන්ත පොලිසිය පසුව සමත් විය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd