
විශ්වාසභංගයකින් පරාජය වී, ධුරය අහිමි වීමෙන් පසු, බලයට පත් විපක්ෂ සන්ධානය සහ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් දැඩි ලෙස විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි මාධ්‍ය අවදානයට පත් වී සිටී.
ඒ, ඔහු ෂෙහ්බාස් ෂරීෆ් විවේචනය කරමින් කළ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයකි නිසාය.
'එක්සත් රාජධානියේ මට ලොකු පිළිගැනීමක් තිබෙනවා. ඒත් මා පාකිස්තානුවෙක්. මගේ නිවස පාකිස්තානයයි. පාකිස්තානයටයි මුල්තැන. බූරුවකුගේ සිරුර කළු සහ සුදු ඉරිවලින් පාට කළාට ඌ සීබ්‍රාවෙකු වන්නේ නැහැ. බූරුවා බූරුවාම තමයි.' ආන්දෝලනයට ලක් වී ඇත්තේ ඉම්රාන් කළ මෙම ප්‍රකාශයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කියමනක් සර්...!
ලංකාවෙත් ඉන්නවා ඔය වගේ පාට කරපු බූරුවන් ටිකක්...!