‘කොවිඩ්-19’ සීමා තවත් සතියකින් දීර්ඝ කෙරේ නවසීලන්තය සිය විශාලතම නගරය වන ඕක්ලන්ඩ්වලට පනවා තිබෙන ‘කොවිඩ්-19’ සීමා තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. 02 November 2021
තවත් කොරෝනා එන්නතකට අනුමැතිය ඇමෙරිකාවේ ’නොවාවැක්ස්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඉන්දියාවේ ’සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම ’කොවාවැක්ස්’ යන වෙළෙඳ නාමය යටතේ නිපදවා ඇති ’නොවාවැක්ස්’, ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතට, ඉන්දුනීසියා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ. 02 November 2021
කාබුල් හමුදා රෝහලේ බෝම්බ පිපිරේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි එරට විශාලතම හමුදා රෝහලේ අධි බලැති බෝම්බ දෙකක් පිපිරීයෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 43 දෙනෙක් තුවාල ලැබූහ. 02 November 2021
ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොවිඩ් තමන් ’කොවිඩ් 19’ ආසාදිතයකු බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය 42 හැවිරිදි ජෙන් සාකී නිවේදනය කළාය. 01 November 2021
ජපන් මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය ජපාන මහ මැතිවරණයෙන් බලයේ සිටින පාලක ’ලිබරල් ප්රජාතන්ත්රවාදී’ පක්ෂයට පහසු ජයක් හිමිවිය. ඒ අනුව, මෙම මස මුලදී ’ලිබරල් ප්රජාතන්ත්රවාදී’ පක්ෂයේ නායකයා ලෙස පත් වූ ෆුමියෝ කිෂිඩා අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පැහැදිලි ජනවරමක් ද සහිතවය. 01 November 2021
මනුෂ්‍ය වර්ගයාගේ අවසන් අවස්ථාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ’කොප්26’ (COP26) සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවරදී ආරම්භ විය. සමුළුවේ සත්කාරකරු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමුළුව ආරම්භ කරමින් අවධාරණය කළේ, දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට ඇති හොඳම සහ එකම අවස්ථාව මෙම සමුළුව බවත්, මෙම සමුළුව අසාර්ථක වුවහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ අවසානය තීරණය කරනු ඇති බවත් ය. 01 November 2021
කාබුල් වැසියෝ කබලෙන් ලිපට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඇෆ්ගන් මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමත් හේතුවෙන් කාබුල් වැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇතැයි ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරයි. 31 October 2021
තායිවානය සමඟ වැඩි සබඳතා තායිවානය සමඟ සම්බන්ධතා වැඩි කරගැනීමට අපේක්ෂා කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කරයි. 31 October 2021
’ජී20’ රාජ්‍ය නායක සමුළුව ඉතාලියේ ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායක හමුව හෙවත් ’ජී20’ සමුළුව පසුගිය සති අන්තයේ, ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්විණි. 31 October 2021
පරණ විකෘතියක් ගැන අලුත් බියක් මීට පෙර එනම් පසුගිය වසර ආරම්භයේ දී හඳුනාගත් ’කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයක් ගැන ජර්මන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලොවට අනතුරු ඇඟවීම් කර තිබේ. 31 October 2021
දින 26 කට පසු ෂාරුක් පුතු ගෙදර එයි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යයන් ඛාන් දින 26 කට පසු ඊයේ (30) ඔහුගේ නිවස වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. 31 October 2021
කණ්ණාඩ සුපිරි තරුව සමුගනී ජනප්‍රිය කන්නාඩා නළුවෙකු වන පුනීත් රාජ්කුමාර් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට සුපිරි නළුවා 46 වැනි වියේ පසුවුණා. 30 October 2021
බයිඩන් පාප්තුමන් හමුවෙයි ’ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඉතාලියට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවිය. 29 October 2021
තලේබාන් සංවිධානයට සුජාතභාවයක් ඕනෑ ජාත්‍යන්තරයේ පිළිගැනීම ලබාගැනීමට පෙර තලේබාන් සංවිධානය රට සුජාතභාවය සහ නිත්‍යනුකූලභාවය ඇති කරගත යුතු යැයි ද ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඉකුත් දා පැවැසීය. 29 October 2021
2025 වනතුරු බඩ පිරෙන්න කන්න එපා රට ආහාර අර්බුදයකට මුහුණ පා ඇති බැවින් 2025 වසර වනතුරු අඩුවෙන් ආහාර ගන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 29 October 2021
බ්‍රිතාන්‍ය විපක්ෂ නායකට කොවිඩ් බ්‍රිතාන්‍ය විපක්ෂ කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් මහතා ට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වේ. 29 October 2021
ඉන්දියාව අති ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි ඉන්දියාව ’අග්නි 5’ යනුවෙන් නම් කළ දිගු දුර මිසයිලය සාර්ථකව අත්හදා බැලුවේය. න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි මෙම මිසයිලයට කිලෝ මීටර් 5,000 ක දුරක පිහිටි ඉලක්කයක් වෙත පහසුවෙන් ළඟා විය හැකි බව පැවැසෙයි. 28 October 2021
අප්‍රිකා සංගමයෙන් සුඩානය නෙරපයි සුඩානය තව දුරටත් අප්‍රිකා සංගමයේ සාමාජික රටක් නොවන බව, අප්‍රිකා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අප්‍රිකා සංගමය සුඩානයට මෙසේ විරෝධය දක්වා ඇත්තේ සුඩාන හමුදාව කුමන්ත්රණයකින් එරට බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමිනි. 28 October 2021
කොරෝනා කරල දිළිඳු රටවලටත් ලැබෙන ළකුණු ’කොවිඩ් 19’ ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීමට හැකියාව ඇතැයි පැවැසෙන, ’මොල්නුපියවියර්’ බෙහෙත් කරල දිළිඳු රටවලට ලබා දීමේ අරමුණින්, එම බෙහෙත් කරල නිපදවන ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නව ගිවිසුමකට අත්සන් තැබුවේය. 28 October 2021
තලේබාන් නායකයාගේ පුතාගෙන් වීඩියෝ පණිවුඩයක් ඇෆ්ගන් තලේබාන් සංවිධානය පිහිටුවූ මුල්ලා ඕමාර්ගේ පුතු මොහොමද් යාකුබ් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, තලේබාන් සංවිධානය නිකුත් කළ වීඩියෝ පණිවුඩයකිනි. 28 October 2021
ජගත් සංවිධානයට එක්වෙන්න තායිවානයට අයිතියක් නෑ තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් විය යුතු බවත් ඒ සම්බන්ධයෙන්, තමන්ගේ සහාය තායිවානයට හිමිවනු ඇති බවත් ඇමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමඟ චීනයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් වීමට තායිවානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය පෙන්වා දී ඇත. 28 October 2021
අවුරුදු 5 ත් 11 ත් දරුවන්ට ’ෆයිසර්’ ඇමෙරිකාවේ අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ’ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත සුදුසු යැයි එරට ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන ’ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ අවසන් වරට තීරණය කළේය. 27 October 2021
සෑම කෙනකුටම තෙවැනි මාත්‍රාවක් සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, පළමු සහ දෙවැනි ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලබා ගත් අවුරුදු 18 වැඩි සෑම කෙනකුටම, ප්රවර්ධක එන්නතක් එනම් බූස්ටර් එන්නතක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. 27 October 2021
’ආසියාන්’ සමුළුවට බයිඩන් එක්වෙයි අග්නිදිග ආසියානු රාජ්‍ය නායකයන්ගේ එකමුතුව හෙවත් ’ආසියාන්’ සමුළුව යළිත් වරක් ඇමෙරිකාව එක් කරමින්, ජෝ බයිඩන් ඊට සහභාගී විය. සමුළුව පැවැත්වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය. 27 October 2021
සූ කී හමුදා අධිකරණය හමුවේ සාක්ෂි දෙයි බලයෙන් නෙරපා, දමා නිවාස අඩස්සියට පත් කෙරුණු, මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී පළමු වරට එරට හමුදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දුන්නාය. 27 October 2021
ආදරය වෙනුවෙන් රජ පවුල අත්හරී ජපානයේ මාකෝ කුමරිය ඇගේ පාසල් වියේ පෙම්වතා කෙයි කොමුරෝ සමඟ විවාහ ගිවිස ගත්තාය. 26 October 2021
ඇෆ්ගන් වැසියන් සාගතයක් අබියස කඩිනම් පියවර නොගතහොත් එළැඹෙන ශීත සෘතුවේදී ඇෆ්ගනිස්තානයේ මිලියන ගණනාවක ජනතාව සාගින්නෙන් පීඩා විඳිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත. 26 October 2021
කැනඩාවට ඔබ්බෙන් නැවක් ගිනිගනී කැනඩාවේ වැන්කුවර් නගරයට ඔබ්බෙන් මුහුදේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බවත්, ගින්න නිවා දැමීමටත් නැවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහාය ලබා දීමටත් කැනඩා වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරන බවත් වාර්තා වේ. 25 October 2021
චීන පාසල් දරුවන්ට ගෙදර වැඩ අඩු කෙරේ චීනයේ ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරු දැරියන්ට ලබා දෙන ’ගෙදර වැඩ’ අඩු කිරීමට චීන රජය නව නීති සම්මත කර තිබේ. චීන රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමක් සිදු කර ඇති අතර, මෙය එහි තවත් පියවරක් බව පැවැසෙයි. 25 October 2021
සුඩාන අගමැති නිවාස අඩස්සියේ හමුදා කුමන්ත්රණයකින් පසු, සුඩාන අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කිරීමට කුමන්ත්‍රණය මෙහෙය වු හමුදා ප්‍රධානීහු කටයුතු කළහ. 25 October 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026