IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ටිමෝරයට නව ජනපතිවරයෙක්

හිටපු නිදහස් සටන්කාමී සහ නොබෙල් සාම ත්‍යාගලාභී හොසේ රාමෝස් හොර්තා නැගෙනහිර ටිමෝරයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

පෘතුගීසි කොලනියක්ව පැවති නැගෙනහිර ටිමෝරය 1975 වසරේදී ඉන්දුනීසියාවේ යටත් විජිතයක් බවට පත් වූ අතර 2002 වසරේදී ඉන්දුනීසියාවෙන් නිදහස ලැබුවේය.

72 හැවිරිදි රාමෝස් හොර්තා නිදහස ලබා ගැනීමේ සටනේ පුරෝගාමියෙක් වූ අතර ඉන්දුනීසියාවෙන් නිදහස ලබා වසර 20 ක් ගෙවෙන මොහොතේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

දුප්පත් බව අඩු කිරීමට,ළමයින්ට සහ මව්වරුන්ට සෞඛ්‍ය සේවය වැඩි දියුණු කිරීම සහ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා සංවාදයක් ගොඩනැගීමට නව ජනාධිපතිවරයා පොරොන්දු වුවේය.

හොසේ රාමෝස් හොර්තා දශක 3 කට අසන්න කාලයක් පිටුවහල්ව ජීවත් වූ අතර 1999 වසරේ දී නැගෙනහිර ටිමෝරයට පැමිණියේය. ටිමෝර ගැටුමට සාමකාමී විසඳුමක් ලබා දීම හේතුවෙන් 1996 වසරේදී නොබෙල් සාම ත්‍යාගය දිනා ගනු ලැබුවේය.

(බීබීසී)



අදහස් (0)

ටිමෝරයට නව ජනපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 543 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site