
‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ෆින්ලන්තය සහ ස්වීඩනය ගත් තීරණයට ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ස්වීඩන අග්‍රාමාත්‍යවරිය මැග්දලේනා ඇන්ඩර්සන් සහ ෆින්ලන්ත ජනාධිපති සුලියෝ නිනිස්තෝ පසුගිය දා වොෂින්ටන් අගනුවරට පැමිණ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවුණු අවස්ථාවේදී බයිඩන් ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු මෙසේ පැවැසුවේය.
ෆින්ලන්තය සහ ස්වීඩනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය නිල වශයෙන් ඉල්ලා, අයැදුම්පත් නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් වෙත යොමු කිරීම සිදුවූයේ පසුගිය 18 වැනිදාය.
නේටෝ සාමාජිකයන් වීමට ‘නෝඩික්’ රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සතුට පළ කරන බවත් ෆින්ලන්තයට සහ ස්වීඩනයට කඩිනමින් ’නේටෝ’ සාමාජිකත්වය ලබා දීමට පියවර ගන්නා බවත් මහ ලේකම්වරයා එම අවස්ථාවේදී පැවැසුවේය.
බ්‍රසල්ස් නුවරදී, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් හමුවී ඔහුට ඇයැදුම්පත් බාරදීම සිදු කළේ බෙල්ජියමේ ෆින්ලන්ත තානාපතිවරයා සහ ස්වීඩන තානාපතිවරයා මැදිහත් වීමෙනි.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය පළ කරත්, මේ වනතුරු ෆින්ලන්තය සහ ස්වීඩනය අපක්ෂපාතීව කටයුතු කළ රටවල් විය. කෙසේ නමුත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ රුසියාවෙන් තර්ජනයක් වේවි යැයි බියෙන් ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සාමාජිකත්වය ඉල්ලීමට තීරණය කළේය. ස්වීඩනය මෙන් නොව, ෆින්ලන්තය රුසියාවට මායිම්ව පිහිටා ඇත.
කිසියම් රටක් නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කිරීමෙන් පසු ඒ සඳහා ඡන්ද විමසීමක් සිදුවෙයි. ඒ, නේටෝ සාමාජික රටවල් 30 සහභාගීත්වයෙනි. සාමාජිකත්වය ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට වසරක කාලයක් පමණ ගතවෙයි.
ඇමෙරිකාව පමණක් නොව, ජර්මනිය ඇතුළු නේටෝ සාමාජික රටවල් බොහොමයක් ෆින්ලන්තය සහ ස්වීඩනයට සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් සහාය දීමට සූදානම් වෙයි. කොස් නමුත් නේටෝ සාමාජිකයකු වන තුර්කිය ඊට විරෝධය දක්වන බව පවසා ඇත.
ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට තමන් විරුද්ධ බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත්තේ, රුසියාව සහ යුරෝපා රටවල් අතරේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න කිරීමටත්, යුක්රේන යුද්ධය තවත් දිග්ගැස්සීමටත් ෆින්ලන්තයට සහ ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීම හේතුවක් වනු ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆින්ලන්තය ස්වීඩනය ගත් තීරණයට පූර්ණ සහාය