
'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකන උතුරු කොරියාවට 'කොවිඩ් 19" ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රදානය කිරීමට තමන් සූදානම් යැයි දකුණු කොරියාවට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. කෙසේ නමුත්, උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් පවසා නැත.
උතුරු කොරියාවේ 'උණ රෝගයක්' ව්‍යාප්තවීම ආරම්භ වූ බව පැවැසෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. මෙම 'උණ රෝගය' 'කොවිඩ් 19' බව තහවුරු වී ඇති අතර, මේ වනවිට එරට මිලියන 2.5 කට මෙම 'උණ රෝගය' ආසාදනය වී ඇත.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ කඩිනමින් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නා ලෙසය. ඒ අනුව, හමුදාවේ ද සහාය ඇතිව රටේ නගර සහ පළාත් වෙන වෙනම 'ලොක්ඩවුන්' කර ඇතැයි වාර්තා වේ.
'අප උතුරු කොරියාවට පමණක් නොවෙයි, චීනයටත් ඇමෙරිකාවේ නිපදවූ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රදානය කරන්න සූදානම්. එහෙත් චීනය ඒ ගැන උනන්දු නැහැ. උතුරු කොරියානුවන්ගෙන් තවමත් අපට පිළිතුරක් නැහැ' යැයි බයිඩන් පැවැසුවේ සෝල අගනුවර මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාව බලා පැමිණියේ ඊයේ (21) ය. නව කොරියානු ජනාධිපති යූන් සුක් සෝල් හමුවී ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, උතුරු කොරියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු කොරියාවට එන්නත් දෙන්න කැමතියි