
තම සැමියාගෙන් තමා වෙන් කිරීමට කිසිවකුට හෝ කිසිම දේකට හෝ හැකියාවක් නැතැයි යුක්රේන ජනාධිපති ආර්යාව ඔලේනා සෙලෙන්ස්කී පවසයි.
ඔලේනා මේ බව කියා සිටියේ රෑපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වමෙනි. එම අවස්ථාවට සැමියා ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ අවුරුදු 9 ක් 17 ත් වයසේ දරු දෙදෙනා ද එක්විය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඔලේනා සහ දරුවන් සිටින්නේ විශේෂ ආරක්ෂක ස්ථානයකය. පසුගිය පෙබරවාරි 24 වැනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසු ජනාධිපති සෙලෙන්ස්කී, ඔලේනා සහ දරුවන් එකට එක්වුණු දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
'කිසිවකුට බැහැ මගේ සැමියා මගෙන් උදුරා ගන්න. යුද්ධයටවත් ඒක කරන්න බැහැ' යැයි ජනාධිපති ආර්යාව සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd