
රූපවාහිනී පුවත් නිවේදිකාවන් සියලු දෙනා බුර්කාවකින් සැරැසී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කර ගනිමින් පුවත් ඉදිරිපත් කළ යුතු යැයි ඇෆ්ගන් තලේබාන් නව රජය නියෝග කර තිබේ.
මෙම නව නියෝගයට ඇෆ්ගන් නාළිකා බොහොමයක නිවේදිකාවන් සිය විරෝධය පළ කළ නමුත් ඊයේ (22) වනවිට ඔවුන් සියලු දෙනා බුර්කාවලින් සැරැසී පුවත් ඉදිරිපත් කරනු දකින්න ලැබුණු බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.
තලේබාන් රජයේ ප්‍රවෘත්ති සහ සංස්කෘතික කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ රජය ලබා දුන් නියෝගය කිසිම අවස්ථාවක ආපසු හැරවිය නොහැකි බවත්, නියෝගයට එරෙහි වන්නේ නම් දඩුවම් බලාපොරොත්තු විය යුතු බවත්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර වැඩ. මිනිස්සුන්ගේ නිදහස පැහැර හරින ගෝත්‍රිකයන්...