
චීන රජය විසින් සිදුකරනවා යැයි කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිෂෙල් බැචලේ චීනයට පැමිණ සිටී.
මිෂෙල් බැචලේ දින 6 ක් චීනයේ රැඳී සිටිනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා චීනයට පැමිණියේ චීන රජයේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනාවක් පිළිගනිමිනි.
චීනයේ බටහිර දෙසින් පිහිටි සිංග්ජියැං පළාතේ චීන උයිගුර් මුස්ලිම්වරු වාසය කරති. චීන රජය මෙම මුස්ලිම්වරුන් දැඩි ලෙස මර්දනයට ලක් කරන බවටත්, ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවටත් චෝදනා එල්ල වෙයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට දොස් පවරමින් සම්බාධක පැනැවීම් ද කර තිබේ.
දශක දෙකක් තිස්සේ උයිගුර් මුස්ලිම්වරුන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීමේ අරමුණින් මිෂෙල් බැචලේ සිංග්ජියැං පළාතේ සංචාරය කරනු ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd