
රටවල් හතරේ ආරක්ෂක සහයෝගීතා එකමුතුව හෙවත් 'ක්වඩ්' සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ විය.
'ක්වඩ්' සමුළුවට සහභාගී වන රටවල් වන්නේ ජපානය, ඇමෙරිකාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවය. 'ක්වඩ්' සමුළුවේ අරමුණ, ආසියානු කලාපයේ ආරක්ෂාවට චීනයෙන් පමණක් නොව උතුරු කොරියාවෙන් ද එල්ල වන තර්ජන සම්බන්ධයෙන් එකමුතුව තීන්දු තීරණ ගැනීමය.
චීනය, තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වෙන බවත්, චීනය තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුමනය කළහොත් ඇමෙරිකාවේ සහාය තායිවානයට ලබා දෙන බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සමුළුවේදී අවධාරණය කළේය. අද ස්වයං පාලනයක් සහිත දූපත් රාජ්‍යයක් වන තායිවානය අතීතයේ චීනයේ කොටසක් විය. චීනය තවමත් විශ්වාස කරන්නේ තායිවානය එරටට අයත් කොටසක් කියාය.
'ක්වඩ්' සමුළුව ටෝකියෝ අගනුවර පැවැත්වෙන්නේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙනි. දකුණු කොරියානු සංචාරය අවසන් කරමින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ටෝකියෝ බලා පැමිණියේය.
ජපානයේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ටෝකියෝ පැමිණියේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ද සමඟය.
පසුගිය සති අන්තයේ පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කරමින්, ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඇන්තොනි ඇල්බනීස්, අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගත් සැණින්, ටෝකියෝ බලා පැමිණියේ සමුළුවට සහභාගී වීම සඳහාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ක්වඩ්’ සමුළුව ඇරැඹේ